2002 වසර කෙටියෙන්

 

2002

ජනවාරි WSG ආයතනය සඳහා ගොඩවැදීමේ මධ්‍යස්ථානයක් ඔවුන්ගේ කාර්යාලය තුළම ආරම්භ කළා. WSG කාර්යාලය තුළ පුස්තකාලයක් 2000 වසරේ සිටම ක්‍රියාත්මක වූ අතර එයද මෙම නව කාර්යාලයේ අඩංගු වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ජනවාරි 6 අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (වර්තමානයේ අවුට්රයිට් ඉන්ටර්නැෂනල්) විසින් කොලූගේ අවන්හලේ දී  WSG සාමාජිකයන්ට රාත්‍රී ආහාර වේලක් සූදානම් කළා.
මාර්තු 7 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වුනු කාන්තාවන් පමණක් සහභාගි වන ‘Women on Top’ කාන්තා සුහද සාදය මාර්තු මාසයේ 7 වෙනිදා රාත්‍රී 9 සිට කැස්කේඩ්ස් රාත්‍රී සමාජ ශාලාවේ දී පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
මාර්තු 7 කාන්තා සුහද සාදයේ (Women on Top) දී  රෙදිවැල ව්‍යාපෘතියේ සමාරම්භක ඉදිරිපත් කිරීම සිදු වුනා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන්ගේ අත්දැකීම් රූපමය ප්‍රදර්ශනයකට ගෙන ඒම එහි දී සිදු කරන ලද අතර,   රෙදි වැලක එල්ලන ලද සෑම ඇඳුමක් හරහා කිසියම් නිශ්චිත කාන්තාවක් විසින් අත්දකින ලද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන අත්දැකීම් හෝ අත්දැකීමක්, හෝ ඉන් කොටසක් නියෝජනය වූවා.

ඊට පසු දින මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, රෙදි වැළ ව්‍යාපෘතිය කාන්තා අයිතීන් ගැන කාන්තා සංවිධාන ගණනාවක් විසින් ලිප්ටන් වට රවුමේ දී පැවැත් වූ මහජන විරෝධතාවයක් වෙත රැගෙන ගිය අතර, එම වටරවුම ළඟ පිහිටි බැප්ටිස්ට් පල්ලියේ තාප්පයක එල්ලා මෙම රෙදි වැළ ව්‍යාපෘතිය මුලින්ම ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 

මාර්තු 28-31 ‘එක්සත් ජාතීන්ගේ සම්මුතීන්වලට අදාළ ආයතන පිළිබඳ ජාතික උපදේශනය: අන්තර්ජාතික මානව හිමිකම් සහ දේශීය ක්‍රියාකාරීත්වය’ යන මැයෙන් දඹුල්ල කණ්ඩලම හෝටලයේ නීතිය සහ සාමය භාරය විසින් සංවිධානය කළ වැඩමුළුවට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෝ දෙදෙනෙක් සහභාගී වුනා. මෙහිදී WSG විසින් ඡායා වාර්තා ඉදිරිපත් කළ යුතු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ආයතන හඳුනා ගැනීමට සහ දේශීය වශයෙන් කටයුතු කරන අනෙකුත් මානව හිමිකම් ආයතන සමග ජාලගත වී සමලිංගිකත්වය තවදුරටත් සාපරාධී නොවන බවට පත් කිරීම සඳහා සුදුසු උද්දේශන උපායමාර්ග සහ මිතුරු පාර්ශ්ව හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි 2 එච්අයිවී ආසාදිතයන්ගේ ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරු, රාජ්‍ය නොවන සංවිධාන, සහ එච්අයිවී ආසාදිතයන් සමග පැවැති සාකච්ඡාවකට WSG ද සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි මස 2 සිට 5 ජනවාර්ගික අධ්‍යයන සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් සංවිධානය කළ ‘කාන්තාවෝ, සාමය ගොඩනැගීම සහ ව්‍යවස්ථා සැකසීම’ යන සමුළුව කොළඹ ලංකා ඔබරෝයි හෝටලයේ දී පැවැත්වුනු අතර, මේ සම්මන්ත්‍රණයට රටවල් 54කට වැඩි ගණනක නියෝජිතයන් සහභාගි වුනා.  මේ හරහා WSG හට ජාතික සහ අන්තර්ජාතික මානව හිමිකම් ජාලයන් තුළ තමන්ගේ සබඳතා පුළුල් කර ගැනීමට අවස්ථාව ලැබුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
මැයි 7 ඉහත සම්මන්ත්‍රණයට සහභාගි වීමට පැමිණි ප්‍රකට ලෙස්බියන් අයිතිවාසිමකම් ක්‍රියාකාරිනියක්, ලිංගික දිශානතිය හේතුවෙන් ගැටළුවලට මුහුණ පෑ වින්දිතයන් සමග කටයුතු කර ඇති ස්ත්‍රීවාදී මනෝ උපදේශකවරියක්, සහ පැරණි යුගෝස්ලෝවියාවේ (වත්මන් සර්බියාවේ) දෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදිනියක් වන ලෙපා ම්ලැඩෙනොවික් (Lepa Mladjenovic)  විසින් මෙහෙය වූ වැඩමුළුවකට සහභාගි වීමට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන්ට අවස්ථාව ලැබී ඇත.  ඇය එකල බෙල්ග්‍රේඩ් නගරය පදනම් කර ගෙන ක්‍රියාත්මක වෙන LBT කාන්තා අයිතිවාසිකම් සංවිධානයක් වන ලබ්රිස් සම්බන්ධීකාරක ලෙස කටයුතු කර තිබෙනවා. ‘තමා ලෙස්බියන් කාන්තාවක් යැයි මුලින්ම හඳුනා ගැනීමේ දී ඇති වන බය’   යන තේමාව යටතේ තරුණ ලෙස්බියන් කාන්තාවන්ටට ‘පිටතට පැමිණිමේ’ ක්‍රියාවලියේදී ඇතිවන ගැටළු ගැන ඇය මේ වැඩමුළුවේ දී සාකච්ඡා කර තිබෙනවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
මැයි 12 WSG සිය සාමාජිකයන් සහ තෝරා ගත් සහභාගි වන්නන්ට සංවිධානය  කළ වාර්ෂික පාදක වැඩසටහන (retreat) උස්වැටකෙයියාවේ පාම් විලේජ් රිසෝට් වෙත සිදු කළා. මෙම ගමනේ අරමුණ වුනේ මානව අයිතීන්, කාන්තා අයිතීන් සහ ලිංගික අයිතීන් යන සන්දර්භයන් සලකා බලමින්, WSG ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්  විවේචනාත්මකව ආවර්ජනය කිරීම සහ ඉදිරි ක්‍රියා සැලැස්මක් සැකසීමත්ය. මෙයට ඉන්ෆෝම්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, සහ නීතිය සහ සමාජය භාරය යන ආයතනවල ක්‍රියාකාරීන් ද සම්බන්ධ වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
මැයි 22 බිම් මට්ටමේ දී LBT ගැටළු අඩංගු කිරීමට ප්‍රධාන ධාරාවේ සංවිධානවලට බලපෑම් කිරීමේ WSGහි ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ඇගලුම් සේවක සේවිකාවන් සම්බන්ධයෙන් වැඩ කරන ආයතනයක් වන සහයෝගිතා මධ්‍යස්ථානය (Solidarity Center) සමග හමුවූ WSG ආයතනයේ නියෝජිතයන් නිදහස් වෙළෙඳ කලාපවල සේවයේ නියුතු ඇගලුම් සේවිකාවන් ලිංගිකත්වය සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ආයතන දෙකට සාමූහිකව කටයුතු කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කළා.  වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි 29 ලිංගික ශ්‍රමිකයන් සමග කටයුතු කරන සංවිධානයක් වන ප්‍රජා සංවර්ධන සේවා ආයතනයේ කමනී හපුගල්ල මහත්මිය සමග හමුවී WSG ආයතනයේ නියෝජිතයන් ලිංගික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩ කිරීම සඳහා සාමූහිකව කටයුතු කිරීම සහ ඔවුන්ගේ ආයතනය සම්බන්ධ වී සිටින ලිංගික ශ්‍රමිකයන් සමග සාකච්ඡාවක් සැලසුම් කිරීම ගැනත් කතා බහ කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
ජුනි කොළඹ ප්‍රජා සංවර්ධන සේවා ආයතනය හා එක්ව වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් සමග මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වූවා. මෙම සාකච්ඡාවට අවුරුදු 23-52 අතර වයසැති වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් 12ක් පමණ සහභාගි වුනා.  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සමලිංගික සබඳතා ඇති අය බව මෙහි දී දැන ගන්නට ලැබුනා. එසේම ඔවුන් වෘත්තීය, සහ එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන අභියෝග ගැනත්, පොලිසියෙන් වෙන හිරිහැර සහ ඔවුන් අත්විඳි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ඇතුළු පවුලේ ගැටළු ආදිය ගැනත්,  WSG ආයතනය විසින් තමන් සිදු කරන වැඩ ගැනත් මෙහිදී කතා බහ කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ජුනි 7 ස්ත්‍රී සෞඛ්‍ය පදනම (Female Health Foundation) විසින් ස්ත්‍රී කොන්ඩම ගැන අදාළ පාර්ශවකරුවන් සමග පැවැත්වූ කොළඹ රේණුකා හෝටලයේ පැවැති රැස්වීමකට WSG ද සහභාගි වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ජනවාරි- ජූලි WSG ආයතනය සඳහා පළමු  වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ මේ කාලයේය.  එසේ වුවත් එම අවුරුද්දේ අග නිකුත් කළ දෙවන පුවත්ලිපියේ පවා මේ වෙබ් අඩවිය ගැන සඳහනක් නොවෙතත්, ජූලි මාසයේ ඉදිරිපත් කළ අරමුදල් අයදුම්පතක මේ වෙබ් ලිපිනය සඳහන්ව තිබෙනවා. මෙම වෙබ් අඩවියේ WSG ආයතනය ගැන, එහි වැඩ සැලසුම, ව්‍යාපෘති, උත්සව, ක්‍රීඩා අංග සහ රැස්වීම්, සහ පුවත් ලිපිය ආදී සංවිධානයට අදාළ තොරතුරු ගණනාවක් පළ වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
අගෝස්තු 11 පළමු වරට WSG ආයතනය පැවැත්වූ කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය කොළඹ, නාරාහේන්පිට පිිහිටි ශාලිකා පිටියේදී සංවිධානය කෙරුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
අගෝස්තු 20 පළමු අන්තර් සංවිධාන හුවමාරු වැඩමුළුව පැවැත් වූ අතර, මානව සහ කාන්තා අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධාන කිහිපයක් මීට සහභාගි වුනා. ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන මේ වැ්‍යඩමුළුවේ පදනම ලෙස WSG ඉදිරිපත් කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
අගෝස්තු- ඔක්තෝබර් වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් සඳහා ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ ව්‍යාපෘති භාරයේ (Volunteers International Projects Trust) සාමාජිකයෙකු යොදා ගනිමින් මාස දෙකක කාලයක් සතියකට දෙවරක් බැගින් ලිංගික ශ්‍රමිකයන් සඳහා ඉංග්‍රීසි පන්ති පැවැත්වීම සිදු කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ඔක්තෝබර් 11-13 අන්තර්ජාතික ලෙස්බියන් සහ සමරිසි සංගමයේ ආසියානු කලාපය (ILGA Asia) විසින් පැවැත්වූ පළමු කලාපීය සමුළුව ඉන්දියාවේ, මුම්බායි නගරයේ දී  පැවැත්වුනා. මුම්බායි නගරය පදනම්ව වැඩ කරන ILGA සංගමයේ සාමාජික සංවිධාන වන හම්සෆා පදනම (HUMSAFAR TRUST) සහ ආන්චල් (AANCHAL) මෙම සමුළුව සංවිධානය කළ අතර, ආසියානු කලාපයේ විවිධ රටවල විවිධ සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරීන් 80කට වැඩි ගණනක් මෙයට සහභාගි වුනා. WSG විසින් මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම් තුනක් ද සිදු කළා. මෙයින් පළමු මාතෘකා දෙකට අදාළ ලිපි 2002 වසරේ සංවේදිනී සඟරාවේ ද පළවුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
නොවැම්බර් 2-9 WSG ආයතනයේ ක්‍රියාකාරිකයන් තිදෙනෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති Gay games 2002 සඳහා සහභාගි වුනා. එක් අයෙක් හෙල්ල විසිකිරීම තරගයෙන් රන් පදක්කමක් ද දිනා ගත්තේ රටවල් 10ක තරගකරුවන් පරදවමිනුයි. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

දෙසැම්බර් 4 WSG ආයතනයේ සාමාජිකාවක වූ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා මහත්මියට ස්වීඩන පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලැබුනු අතර මෙහිදී WSG ආයතනය සිදු කරන වැඩ ගැනත්, ශ්‍රී ලංකාවේ ලෙස්බියන් සියදිවි නසා ගැනීම් සහ ලෙස්බියන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන ඇය විශේෂයෙන් සඳහන් කළා. එසේම ස්වීඩනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංධානය පිළිබඳ ඇමැති මොනා සාලින් (Mona Sahlin) ඇතුළු තවත් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු කණ්ඩායමක් වෙනම හමු වීමටත් ඇයට අවස්ථාවක් ලැබුනා.

වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

English translation

2002 in Brief
January A drop-in center for WSG was established within their office premises. A library had been operating within the WSG office since 2000, and it was also housed in this new office.

(Below is an application for funding made in July 2002). click here to read more

January 6 The International Gay and Lesbian Human Rights Commission (now Outright International) hosted a dinner for WSG members at Kolu’s restaurant.
March 7 The women-only ‘Women on Top’ party, held in conjunction with International Women’s Day, was held on March 7th from 9pm at Cascades Nightclub.click here to read  more 
March 7 The inaugural presentation of the ‘Rediwela’ (which translates to clothesline) project took place at the ‘Women on Top’ party. The experience of women who had been subjected to domestic violence was brought to life in a visual exhibition, where each garment hung on a clothesline represented an experience, or part of an experience, of domestic violence experienced by a specific woman.

The following day, on International Women’s Day, March 8, the ‘Rediwela’ (clothesline) project was taken to a public protest held at Lipton Roundabout by a number of women’s rights organizations for women’, and it was displayed in a public space for the first time, hanging on the wall of the Baptist Church located near the same roundabout. click here to read more

March 28-31 Two members of the WSG participated in the workshop organized by the Law and Society Trust at the Kandalama Hotel, Dambulla, titled ‘National Consultation on United Nations Conventions: International Human Rights and Local Action’. The WSG also had the opportunity to identify UN charter bodies to which it should submit shadow reports and to network with other human rights institutions working locally to identify appropriate advocacy strategies and partners to decriminalize homosexuality. click here to read more.
May 2 WSG also participated in a discussion with government doctors, NGOs, and people living with HIV regarding the issues faced by people living with HIV.  click here to read more.
May 2-5 The conference on ‘Women, Peacebuilding and Constitution Making’ organized by the International Center for Ethnic Studies (ICES) was held at the Lanka Oberoi Hotel, Colombo, and was attended by representatives from more than 54 countries. This gave WSG the opportunity to expand its connections within national and international human rights networks. click here to read more
May 7 Members of the WSG who attended the above conference had the opportunity to participate in a workshop conducted by Lepa Mladjenovic, a prominent lesbian rights activist, a feminist psychotherapist who has worked with victims of sexual orientation-related issues, and a second-wave feminist from the former Yugoslavia (now Serbia). At the time, she was the coordinator of Labris, an LBT women’s rights organization based in Belgrade. Under the theme of ‘The Fear of First Identifying as a Lesbian’, she discussed the issues faced by young lesbian women in the context of ‘coming out’.click here to read more.
May 12 WSG held its annual retreat for its members and selected participants at the Palm Village Resort in Uswetakeiyawa. The purpose of this journey was to critically reflect on WSG activities and develop an action plan, considering the contexts of human rights, women’s rights, and gender rights. Activists/individuals from INFORM Human Rights Documentation Centre, Women and Media Collective, and Law and Society Trust also joined in. click here to read more.
May 22 As part of WSG’s efforts to influence mainstream organizations to issues faced by LBT persons at the grassroots level, WSG representatives met with the Solidarity Center, an organization working with garment workers in Sri Lanka, to discuss how the two organizations can work together to address the gender-related issues faced by garment workers working in Free Trade Zones. click here to read more.
May 29 WSG representatives met with Kamani Hapugalle of the Community Development Services Institute, an organization that works with sex workers, to discuss working together to address the needs of sex workers. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
June A preliminary round of discussions was held with commercial sex workers in collaboration with the Colombo Community Development Services Institute. About 12 commercial sex workers, aged between 23-52, participated in this discussion. It was learned here that most of them were in same-sex relationships. The conversation also encompassed the difficulties encountered in their professional and personal lives, including family-related matters such as police harassment and domestic violence, as well as the initiatives undertaken by WSG. click here to read more.
July 7 WSG attended a meeting held at the Renuka Hotel, Colombo with all relevant stakeholders on the female condom by the Female Health Foundation. click here to read more.
January – July It was during this time a website for WSG was created. Though the second newsletter published at the end of that year did not reference this website; a funding application submitted in July does make mention of it. This website contained a variety of information related to the organization, including information about WSG, its work plan, projects, events, sports events and meetings, and newsletters. click here to read more.
August 11 For the first time WSG organized a softball cricket tournament for women, and it was held on the Shalika Grounds in Narahenpita, Colombo. click here to read more.
August 20 The first inter-organizational exchange workshop was held, and several organizations working on human and women’s rights participated. WSG presented sexuality and gender as the foundation of this workshop. click here to read more.
August – October As a model project WSG was able to secure the services of a member of the Volunteers International Projects Trust to conduct English classes for commercial sex workers twice a week for two months. click here to read more.
October 11-13 The first regional conference of the International Lesbian and Gay Association (ILGA) Asia was held in Mumbai, India. The conference was organized by Mumbai-based ILGA member organizations HUMSAFAR TRUST and AANCHAL, and was attended by more than 80 activists representing various organizations from various countries in the Asian region. WSG made three presentations on Sri Lanka. Articles related to the first two of these topics were also published in the ‘Sanvedini’ newsletter in 2002. click here to read more.
November 2-9 Three WSG activists participated in the Gay Games 2002 held in Sydney, Australia. One person also won a gold medal in the javelin throw event, defeating competitors from 10 countries. click here to read more..
December 4 WSG member Roseanna Flammer Kaldera had the opportunity to address the Swedish Parliament, where she specifically highlighted the work of WSG, lesbian suicides in Sri Lanka, and the issues faced by lesbians and transgender people. She also had the opportunity to meet separately with a group of other MPs and ministers, including Sweden’s Minister for Democracy and Solidarity, Mona Sahlin. click here to read more.

 

Scroll to Top