වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් සමග මූලික සාකච්ඡාව

ජුනි මස දී, කොළඹ ප්‍රජා සංවර්ධන සේවා ආයතනය හා එක්ව වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් සමග මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වූවා. මෙම සාකච්ඡාවට අවුරුදු 23-52 අතර වයසැති වෘත්තීය ලිංගික ශ්‍රමිකයන් 12ක් පමණ සහභාගි වුනා.  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සමලිංගික සබඳතා ඇති අය බව මෙහි දී දැන ගන්නට ලැබුනා. එසේම ඔවුන් වෘත්තීය, සහ එදිනෙදා ජීවිතයේ දී මුහුණ දෙන අභියෝග ගැනත්, පොලිසියෙන් වෙන හිරිහැර සහ ඔවුන් අත්විඳි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ඇතුළු පවුලේ ගැටළු ආදිය ගැනත්,  WSG ආයතනය විසින් තමන් සිදු කරන වැඩ ගැනත් මෙහිදී කතා බහ කළා.

Scroll to Top