ඉහත කාන්තා සුහද සාදයේ (Women on Top) දී රෙදිවැල ව්‍යාපෘතියේ සමාරම්භක ඉදිරිපත් කිරීම සිදු වුනා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන්ගේ අත්දැකීම් රූපමය ප්‍රදර්ශනයකට ගෙන ඒම එහි දී සිදු කරන ලද අතර, රෙදි වැලක එල්ලන ලද සෑම ඇඳුමක් හරහා කිසියම් නිශ්චිත කාන්තාවක් විසින් අත්දකින ලද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන අත්දැකීම් හෝ අත්දැකීමක්, හෝ ඉන් කොටසක් නියෝජනය වූවා.

ඊට පසු දින මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී, රෙදි වැළ ව්‍යාපෘතිය කාන්තා අයිතීන් ගැන කාන්තා සංවිධාන ගණනාවක් විසින් ලිප්ටන් වට රවුමේ දී පැවැත් වූ මහජන විරෝධතාවයක් වෙත රැගෙන ගිය අතර, එම වටරවුම ළඟ පිහිටි බැප්ටිස්ට් පල්ලියේ තාප්පයක එල්ලා මෙම රෙදි වැළ ව්‍යාපෘතිය මුලින්ම ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනය කළා.