ඉහත සම්මන්ත්‍රණයට සහභාගි වීමට පැමිණි ප්‍රකට ලෙස්බියන් අයිතිවාසිමකම් ක්‍රියාකාරිනියක්, ලිංගික දිශානතිය හේතුවෙන් ගැටළුවලට මුහුණ පෑ වින්දිතයන් සමග කටයුතු කර ඇති ස්ත්‍රීවාදී මනෝ උපදේශකවරියක්, සහ පැරණි යුගෝස්ලෝවියාවේ (වත්මන් සර්බියාවේ) දෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදිනියක් වන ලෙපා ම්ලැඩෙනොවික් (Lepa Mladjenovic) විසින් මෙහෙය වූ වැඩමුළුවකට 2002 මැයි 7 දා සහභාගි වීමට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන්ට අවස්ථාව ලැබී ඇත. ඇය එකල බෙල්ග්‍රේඩ් නගරය පදනම් කර ගෙන ක්‍රියාත්මක වෙන LBT කාන්තා අයිතිවාසිකම් සංවිධානයක් වන ලබ්රිස් සම්බන්ධීකාරක ලෙස කටයුතු කර තිබෙනවා. ‘තමා ලෙස්බියන් කාන්තාවක් යැයි මුලින්ම හඳුනා ගැනීමේ දී ඇති වන බය’ යන තේමාව යටතේ තරුණ ලෙස්බියන් කාන්තාවන්ටට ‘පිටතට පැමිණිමේ’ ක්‍රියාවලියේදී ඇතිවන ගැටළු ගැන ඇය මේ වැඩමුළුවේ දී සාකච්ඡා කර තිබෙනවා.
https://web.archive.org/web/20030409150331/http://wsgsrilanka.org:80/events/news.html