එක්සත් ජාතීන්ගේ ආයතන සමග උද්දේශන කටයුතුවල නියැලීම සම්බන්ධ වැඩමුළුවකට සහභාගි වේ.

2002 මාර්තු 28-31 දා එක්සත් ජාතීන්ගේ සම්මුතීන්වලට අදාළ ආයතන පිළිබඳ ජාතික උපදේශනය: අන්තර්ජාතික මානව හිමිකම් සහ දේශීය ක්‍රියාකාරීත්වය’ යන මැයෙන් දඹුල්ල කණ්ඩලම හෝටලයේ නීතිය සහ සාමය භාරය විසින් සංවිධානය කළ වැඩමුළුවට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයෝ දෙදෙනෙක් සහභාගී වුනා. මෙහිදී WSG විසින් ඡායා වාර්තා ඉදිරිපත් කළ යුතු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ආයතන හඳුනා ගැනීමට සහ දේශීය වශයෙන් කටයුතු කරන අනෙකුත් මානව හිමිකම් ආයතන සමග ජාලගත වී සමලිංගිකත්වය තවදුරටත් සාපරාධී නොවන බවට පත් කිරීම සඳහා සුදුසු උද්දේශන උපායමාර්ග සහ මිතුරු පාර්ශ්ව හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබුනා. මෙම රැස්වීමට COJ ආයතනය ද සහභාගි වුනා.

Scroll to Top