2008 |
|||||||||||||||||||||||||||||||||||||||||||||
| ජන24-27 | WSG සාමාජිකයින් තායිලන්තයේ චියැං මායි හි පැවති 3 වන ILGA-ආසියා කලාපීය සමුළුවට සහභාගී වුනා එහිදී “ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගිකත්වය සහ සංස්කෘතික දේශපාලනය” යන මාතෘකාව යටතේ අධ්‍යයන පත්‍රිකාවක් ඉදිරිපත් කළා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| පෙබ 11-16 | ලිංගිකත්වය, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ගැන වැඩමුළුවක් ඉන්දියාවේ, නවදිල්ලියේ, මනෙසාර් හි දී පෙබරවාරි 11-16 අතර පැවැත්වුනු අතර, මෙයට WSG එක් සාමාජිකයෙක් සහභාගි වුනා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ජුනි | ලෙස්බියන් තරුණියන් දෙදෙනෙකුට සහාය ලබා දීම සඳහා WSG සහ ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතන දෙක සාමූහිකව කටයුතු කර තිබෙනවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ජුනි 14 | WSG විසින් අරමුදල් රැස් කිරීමේ අරමුණින් “FREE-Q!” නමින් ප්‍රයිඩ් (අභිමානය) සාදයක් ගල්කිස්ස පාම් බීච් හෝටලයේ දී පවත්වා තිබෙනවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ජුනි 29 | ලයනල් වෙන්ටඩ් රඟහලේ දී 2008 කොළඹ අභිමානය සතියේ පළමු අංගය ලෙස ඉදිරිපත් කළ ‘මට සිහිනයක් ඇත’ ඩ්‍රැග් සංදර්ශනයට කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම ද සහභාගි වී ඇති අතර WSG සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මෙහි විවිධ අංග සඳහා දායක වී තිබෙනවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ජුනි 30 – ජූලි 3 | 2008 කොළඹ අභිමානයේ දෙවැනි අංගය වූ පළමු LGBT ඡායාරූප සහ කලා ප්‍රදර්ශනය “රේන්බෝ විෂන්ස්” (“Rainbow Visions”) ට WSG සාමාජිකයන් ද කලා නිර්මාණ සහ ඡායාරූපවලින් දායක වුනා. එසේ ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් එයට දායක වූ එක් සාමාජිකාවකගේ අත්දැකීමක් සංවේදීනි සඟරාවේ පලවුනා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ජූලි 6 | අභිමාන චාරිකාව (Dykes on Bike bike parade)
2008 කොළඹ අභිමානයේ අවසන් අංගය වූයේ ගල්කිස්ස වෙරළ තීරයේ පැවති සරුංගල් උත්සවයයි. කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවන් යතුරු පැදිවල නැගී, දේදුනු කොඩි අතැතිව, ගාළුපාර දිගේ පැමිණ, සරුංගල් උත්සවයට එකතු වුනා. මෙය ශ්‍රී ලංකාවේ පැවැති මුල්ම අභිමානී යතුරුපැදි සංදර්ශනයයි. විස්තර මෙතැනින් කියවන්න. |
||||||||||||||||||||||||||||||||||||||||||||
| ජූලි 19-20 | අගෝස්තු මාසයේ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) පහළොස්වන සමුළු රැස්වීමට සමගාමීව “දකුණු ආසියානු එකමුතුවක් කරා” යන තේමාව යටතේ ජනතා සාක් උළෙල නමින් දකුණු ආසියාවේ සියලු රටවල් නියෝජනය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ ප්‍රජා නියෝජිතයන් 1400කට වැඩි ගණනක් ද එක් රැස් වු විශාල සමුළුවක් සංවිධානය වුනා.මෙහි දී කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම, ගමන් මඟෙහි සහකාරුවෝ සහ ඊක්වල් ග්‍රවුන්ඩ් යන සංවිධාන තුනම එකට එක්ව කුටියක් පැවැත්වූ අතර, නිදහස් පා ගමනකට ද එක් වුනා. මෙය ශ්‍රී ලංකාවේ LGBTIQ+ සංවිධාන විසින් සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගමින් පැවැත්වූ ප්‍රයිඩ් පාගමනකට සමාන පළමු ප්‍රසිද්ධ පාගමනයි. විස්තර මෙතැනින් කියවන්න.
|
||||||||||||||||||||||||||||||||||||||||||||
| ජූලි | තමන්ගේ ලිංගිකත්වය නිසා මුහුණ දුන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා නවාතැන් ගැනීමට තැනක් නොමැති වූ, A නම් ලෙස්බියන් තරුණියක් සහ B නම් ඇගේ පෙම්වතිය ද සමග නවාතැන් සොයා ගැනීමේ අරමුණින් WSG ආයතනයට පැමිණ තිබෙනවා. WSG විසින් නිවසට ආපසු යෑමට නොහැකි තත්වයක් ඇති A තරුණියට නවාතැන් ද, අනතුරුව රැකියාවක් ද සොයා දී තිබෙනවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| අගෝස්තු | පුත්තලමේදී ලිංගික සෞඛ්‍යය, ලිංගිකත්වය සහ සමාජභාව අනන්‍යතාවයන් පිළිබඳ වැඩමුළුවක් පුත්තලම ප්‍රජා දිරිය පදනම සමග එක්ව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් පැවැත්වූවා.දිස්ත්‍රික්කය පුරා විවිධ ප්‍රදේශ නියෝජනය කළ, විවිධ ජනවර්ගවලට අයිති කාන්තාවන් 53 ක් මෙයට සහභාගි වුනා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| අගෝ 23 | WSG හි කාර්ය මණ්ඩලය සහ සාමාජිකයින් සඳහා එච්අයිවී/ඒඩ්ස් ගැන පුහුණුකරුවන්ගේ එක්දින පුහුණුවක් පැවැත්වූවා. මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ වූයේ පුත්තලම, මොනරාගල, බුත්තල සහ ශ්‍රී ලංකාවේ දකුණේ අනෙකුත් ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රජා මූලික සංවිධානවල සහභාගිවන්නන්ට එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ අර්ධ දින පුහුණු සැසියක් මෙහෙයවීම සඳහා පුහුණුකරුවන් ලෙස ඔවුනු් පුහුණුකිරීමයි. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| සැප් 3 – 4 | දකුණු ආසියානු LGBTI හවුල්කාරිත්ව ගොඩනැගීමේ වැඩමුළුව සැප්තැම්බර් මාසයේ දී නේපාලයේ දී පැවැත්වුනා. මෙම වැඩමුළුවේ දී දකුණු ආසියාතික මානව හිමිකම් කොමිසමක්, ලිංගිකත්වය සහ සමාජභාවය නිසා සමාජ අසාධාරණයන්ට ලක්වෙන පිරිස වෙනුවෙන් නිර්මාණය කිරිමට එකඟතාවයකට පැමිණි අතර, එහි කාර්යාලය කත්මන්ඩු නුවර පිහිටුවීමට තීරණය කෙරුණා. සියළුම රටවලින් එයට නියෝජිතයන් පත් කළ අතර, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එහි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කරනු ලැබුවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| සැප් 19 සහ අවුරුද්ද පුරා හැම මසකම දිනයක | සැම මසකටම වරක් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම මාසික හමුවක් පැවැත්වූ අතර සැප්තැම්බර් මස පැවති WSG සුහද හමුවේදි ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාවලියන් සහ ලිංගික රෝග පිලිබිඳ ඉදිරිපත් කිරීමක් සිදු කළා. මෙහිදී අවධානය යොමු කළේ ලෙස්බියන් කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාවලියේදී මතුවෙන ගැටළු හා මතුවිය හැකි සෞඛ්‍යමය ප්‍රශ්න පැහැදිලි ලෙස විග්‍රහ කර දැනුවත් වීමයි. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්තෝබර් 18-19 | ලිංගික සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුවක් මොනරාගල ප්‍රදේශයේ දී ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සම්මේලනය සමග එක්වී WSG විසින් සංවිධානය කළා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්තෝබර් | WSG විසින් ගෝලීය LGBT අධ්‍යාපනඥයින්ගේ සන්ධානයේ (GALE) උපදේශක මණ්ඩලයේ දෙවන වාර්ෂික රැස්වීම ලංකාවේ පැවැත්වීමට පහසුකම් සැපයූවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්තෝබර් 19-21, | REACH 08 අන්තර්ජාතික තරුණ සමුළුව ඔක්තෝබර් 19-21 දෙදින තුළ, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර දී පැවැත්වුනා. මෙහිදී ආසියානු කලාපයේ තරුණ අය එච්අයිවී/ඒඩ්ස් ගැන දැනුවත් කිරීම සහ ඔවුන් සහචර අධ්‍යාපනඥයින් ලෙස පුහුණු කිරීම, අරමුණු වුනා. WSG හි නියෝජිතයින් දෙදෙනෙක් මේ සමුළුවට සහභාගී වූ අතර, WSG හි සම්බන්ධීකාරකට ‘කාන්තාවන් සහ එච්අයිවී/ඒඩ්ස් අතර සම්බන්ධය ගැන සාකච්ඡා මඬුල්ලක දී ආරාධිත ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනා විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක්තෝබර්25 | WSG සාමාජිකාවන් සඳහා සබඳතා කළමනාකරණය පිළිබඳ අර්ධ දින වැඩමුළුවක් පවත්වා තිබෙනවා. එහිදී අපි අපව සහ අනෙකුත් අයව පිළිගැනීම කරන ආකාරය, සම්බන්ධතා තුළ දී සන්නිවේදනය දියුණු කර ගන්නා ආකාරය ගැන සාකච්ඡා කර තිබෙනවා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| ඔක් 27-30 | RFSU විසින් නේපාලයේ කත්මන්ඩුහි දී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර ඒ සඳහා WSG නියෝජිතයින් දෙදෙනෙක් සහභාගී වුනා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| නොවැ 14-17 | ‘සමාජ ව්‍යාපාරවල බලය’ යන තේමාව යටතේ AWID සමුළුව 2008 නොවැම්බර් 14-17 දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දී පැවැත්වුනා. මේ සමුළුවේ දී, “යාවත්කාලීව සිටීම!: දකුණු ආසියාවේ කුයර් කාන්තා අරගල” “සහ “ඔබේ භාෂාව ගැන සැලකිලිමත් වන්න: ලිංගික අයිතිවාසිකම් සංවාදයේ දේශීය භාෂාවල දේශපාලනය” යන මාතෘකා යටතේ WSG විසින් සාකච්ඡා මඬුළු දෙකක ඉදිරිපත් කිරීම් සිදු කළා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| නොවැ | නොවැම්බර් 29 වන දින WSG සහ COJ එකතු වී “මමා මියා” නමින් සාදයක් සහ චිත්‍රපට දැක්මක් ඉදිරියේ සංවිධානය වන Solidarity Gaymes සඳහා අරමුදල් රැස් කිරීමක් ලෙස සංවිධානය කළා. විස්තර මෙතැනින් කියවන්න. | ||||||||||||||||||||||||||||||||||||||||||||
| දෙසැ 13 | කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේ දී Solidarity Gaymes ක්‍රීඩා උළෙල WSG සහ ගමන් මගේ සහකරුවෝ ආයතන දෙකේ සම-සංවිධායකත්වයෙන් පැවැත්වුනා. LGBTIQ+ ප්‍රජාවේ බොහෝ දෙනෙක් දවස පුරා පැවැත්වුනු මේ ක්‍රීඩා දිනයට ඉතා උනන්දුවෙන් සහභාගි වුනා. විස්තර මෙතැනින් කියවන්න.
English translation
|
||||||||||||||||||||||||||||||||||||||||||||
