නේපාලයේ පැවැත්වූ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ RFSU වැඩමුළුව

2008 ඔක්තෝබර් 27-30 දිනවල ලිංගික අධ්‍යාපනය සඳහා ස්වීඩන සංගමය (RFSU )විසින් නේපාලයේ කත්මන්ඩුහි දී ‍ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වූ අතර ඒ සඳහා WSG  නියෝජිතයින් දෙදෙනෙක් සහභාගී වුනා. මෙම වැඩමුළුව සෞඛ්‍ය සහ අයිතිවාසිකම් පිළිබඳ දකුණු ආසියානු LGBT ජාලය සඳහා පවත්වන ලද අතර එය RFSU විසින් සංවිධානය කළ අතර, Blue Diamond සංගමය විසින් සත්කාරකත්වය දැරූ අතර SIDA විසින් සහාය දැක්වූවා.

 

මෙම වැඩමුළුවවේ ‍ප්‍රධාන ඉලක්කය සහ අරමුණ වූයේ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගිකත්වය පිළිබඳ තවදුරටත් දැනුවත්භාවය ඇති කිරීම, එමඟින් දකුණු ආසියානු ක්‍රියාකාරීන් සහ LGBT සංවිධාන තුළ ශක්තිමත් කිරීම, සහ සහාය දක්වන ජාලයක් ගොඩනැගීමයි. එහිදී ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ, ප්‍රචණ්ඩත්වය යනාදිය ගැන අවබෝධය වැඩි කිරීමට විවිධ ක්‍රියාකාරකම් සහිත අන්තර්ක්‍රියාකාරී වැඩමුළුවක් පැවැත්වුනා. 

 

කලාපීය ක්‍රියාකාරීන්ට ජාලගත වීමට සහ කලාපයේ සංවිධානය කෙරෙන විවිධ LGBT ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීමට ද මෙය අවස්ථාවක් වුනා.

Scroll to Top