
සැම මසකටම වරක් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම මාසික හමුවක් පැවැත්වූ අතර එයට WSG සාමාජිකාවන්, අළුතින් ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන්ටත්, සහ WSG හි හිතමිතුරියන් සහභාගි වුනා. මෙම හමුවීම් ඔවුනොවුන් වඩා හොඳින් දැන හැඳින ගැනීමටත්, ගැටළු සාකච්ඡා කිරීමට උදව් වුනා. ඇතැම් අවස්ථාවල දී මෙම හමුවේ දී WSG හි කටයුතු ගැන සාකච්ඡා කිරීම, ඒ ගැන සාමාජිකයන්ගේ අදහස් ගැනීම ද සිදු වී තිබෙනවා.
තවත් මාසික හමුවලදී දැනුවත් වීමේ වැඩසටහන් පවත්වා තිබෙනවා. සැප්තැම්බර් මස පැවති WSG සුහද හමුවේදි ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාවලියන් සහ ලිංගික රෝග පිලිබිඳ ඉදිරිපත් කිරීමක් සිදු කළා. මෙහිදී අවධානය යොමු කළේ ලෙස්බියන් කාන්තාවන්ගේ ලිංගික ක්‍රියාවලියේදී මතුවෙන ගැටළු හා මතුවිය හැකි සෞඛ්‍යමය ප්‍රශ්න පැහැදිලි ලෙස විග්රහ කර දැනුවත් වීමයි.
සෑම සවසකම මෙවැනි වැඩසටහනක් පැවැත්වීමටත්, කවි කියවීම පොත්පත් ගැන සාකච්ඡා පැවැත්වීමටත් සැප්තැම්බර් මාසයේ මෙයට සහභාගී වූවන් යෝජනා කළා.