2005 වසර කෙටියෙන්

 

2005

2005 පෙබ 8-10 ලිංගික අයිතිවාසිකම් ගැන දකුණු සහ අග්නි දිග ආසියානු පුහුණුවක් කොළඹ දී අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC) සහ හියුමන් රයිට්ස් වොච් සංවිධාන විසින් පැවැත් වූ මෙය සංවිධානය කිරීමට දේශීය හවුල්කරුවන් ලෙස කටයුතු කළේ ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්දුය සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම කටයුතු කර තිබෙනවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2005 පෙබ 14-16 දකුණු-දකුණු ව්‍යාපාරය ගොඩනැගීම සහ ලිංගික සහ ප්‍රජනක අයිතිවාසිකම් ගැන උපාය මාර්ගික සාකච්ඡාවක් දකුණු ආසියානු සංවිධාන පහක් විසින් නව දිල්ලියේ අන්තර් දක්ෂිණ සංවාද හි කොටසක් ලෙස පවත්වා තිබෙන අතර මේ සඳහා WSG සාමාජිකයන් දෙදෙනෙකු සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මාර්තු 3-13 කාන්තා අයිතිවාසිකම් පිළිබඳ බීජිං ක්‍රියාකාරී සැලැස්මේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ 49 වන කොමිසම නොහොත්  බීජිං+10  සමුළුව පැවැත්වුනා. WSG හි නියෝජිතයින් දෙදෙනෙක් 2005 මාර්තු 03 සිට 13 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවති මෙම සමුළුව සඳහාසහිවෝස් පදනමේ සහාය ඇතිව සහභාගී වුනා. මාර්තු 23 වෙනිදා WSG විසින් සාමාජිකයන්ගේ රැස්වීමක් සූදානම් කර බීජිං +10 සමුළුවේ අත්දැකීම් බෙදා හදා ගත්තා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
අප්‍රේල් 8 WSG විසින් සාමාජිකයන් සඳහා චිත්‍රපට දැක්මක් පැවැත්වූවා.
අප්‍රේල් 20 සිට 2005 අප්‍රේල් මාසයේදී, WSG විසින් කොළඹ, ප්‍රජා සේවා සංවර්ධන පදනමට (CSDF) හා එක්ව කාන්තා ලිංගික ශ්‍රමිකයින් 60 කට අධික පිරිසක් සඳහා නීති ආධාර වැඩසටහනක් ආරම්භ කළා. කොළඹ නගරයේ ලිංගික ශ්‍රමිකයින් සඳහා WSG විසින් පවත්වන දෙවන වැඩසටහන මෙයයි. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
WSG විවිධ සංවිධාන සමග ජාල ගත වෙමින් සුනාමි ආධාර සැපයීමේ කටයුතුවල නියැලුනා. මෙහි කොටසක් ලෙස අප්‍රේල් 21 වැනිදා WSG නියෝජිතයන් දකුණු පළාතේ ගාල්ලේ වැඩ කරන සංවිධානයක් වන Help-O ආයතනය හමුවී සංවිධාන දෙකට එක්ව වැඩ කළ හැකි කටයුතු ගැන තවදුරටත් සාකච්ඡා කළා.
අප්‍රේල් සංවේදීනි 2004 දෙසැම්බර් සඟරාව නිකුත් වුනේ 2005 අප්‍රේල් මාසයේයි. 2004 දෙසැම්බර් සිදුවු සුනාමි ව්‍යසනය හේතුවෙන් මතු වූ විවිධ හදිසි අවශ්‍යතා හේතුවෙන් මෙය වරින් වර කල් දමා තිබුනා. අප්‍රේල් අවසානයේ දී මෙය මුද්‍රණය කර මෙහි මුද්‍රිත පිටපත් විවිධ දේශීය සහ අන්තර්ජාතික ආයතනවලට තැපැල් කරනු ලැබුවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි 17 සමලිංගිකභීතිකාවට එරෙහි අන්තර්ජාතික දිනයේ දී WSG සිය නව වෙබ් අඩවිය එළී දැක්වූවා. මෙය WSG ආයතනයේ දෙවැනි වෙබ් අඩවියයි. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි 17 සමලිංගිකභීතිකාවට එරෙහි අන්තර්ජාතික දිනය සමරමින් පුවත්පත් දැන්වීම් 3ක් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පුවත්පත් දැන්වීම් තුනක් පළ කරනු ලැබුවා.
මැයි 22 WSG සාමාජිකයන්ගේ රැස්වීමක් පැවැත්වුනා.
මැයි 27 WSG විසින් සමලිංගිකභීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් “ශ්‍රී ලාංකික සමාජයේ සමලිංගික භීතිකාව” මැයෙන් අන්තර් සංවිධාන වැඩමුළුවක් කොළඹ දී පැවැත්වූවා. සුනිලා අබේසේකර මහත්මිය, රොසැනා ෆ්ලෙමර් කල්දේරා, චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, ජනමාධ්‍යවේදිනී සීතා රංජනී සහ චිත්‍රපට අධ්‍යක්ෂක අනෝමා රාජකරුණා මෙහිදී අදහස් පළ කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගිකත්වයන් සම්බන්ධයෙන්  වාර්තා චිත්‍රපටයක් සිදු කිරීම සඳහා WSG සමග එක්ව කටයුතු කිරීමට යෝජනාවක් චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් ගෙන එන ලද අතර, එහි විෂය, තිර රචනය සහ චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා කාල රාමුව පිළිබඳව WSG නියෝජිතයින් සහ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ජුනි 2005 ජුනි මාසයේදී, WSG ඊළඟ වසර සඳහා එහි වැඩ සැලැස්ම ඇගයීමට ලක් කළ අතර, ඒ සඳහා ජුනි මාසය පුරාම රැස්වීම් මාලාවක් පැවැත්වූවා.
                                                                                                                                                                            2005 ජූලි 21-24 ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබඳ  දෙදින ඒකාබද්ධ නේවාසික වැඩමුළුවක් මීගමුවේ දී පැවැත්වුනා. මෙම වැඩමුළුවට මහියංගනය, මොනරාගල සහ කැකිරාව යන ප්‍රදේශවල පෙර වැඩමුළු තුනකට සහභාගි වූ කාන්තාවන් ද ඒවායේ සම්පත් දායකයන් ද එක් කර ගත් අතර එමඟින් ඔවුන්ගේ ප්‍රාදේශීය වැඩමුළුවලදී සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව වඩාත් ගැඹුරු සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
ජූලි ජූලි මාසයේදී, WSG රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු ගැන අවිධිමත් සාකච්ඡාවක් නීතිඥවරයෙකු සමග සිදු කළා. මෙහි දී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීම සහ ලාභ නොලබන සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම යන ක්‍රමවේද දෙක ගැනම අවධානය යොමු කළා. නීති වෘත්තිකයන් සමඟ තවදුරටත් මේ ගැන සාකච්ඡා කිරීමට ඇත.
අගෝ 04 WSG සාමාජික රැස්වීමක් ගොඩවැදීමේ මධ්‍යස්ථානයේ දී  පැවැත්වුනු අතර එහිදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට සහභාගි වීම සහ අනාගත ව්‍යාපෘති ගැන සාකච්ඡා වුනා.
අගෝස්තු අගෝස්තු 10 වෙනිදා, ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයන්ගේ ව්‍යාපෘතියේ  ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමට  ලිංගික ශ්‍රමිකයන් සමග රැස්වීමක් CSDF සංවිධානයේ ගොඩවැදීමේ මධ්‍යස්ථානයේ දී  පැවැත්වුනා.

අගෝස්තු 15 දා, ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයන්ගේ කණ්ඩායමට නීතිඥයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් සමග හමු වී සාකච්ඡා කිරීමට රැස්වීමක් සූදානම් වුනා.

අගෝ 12 WSG සාමාජිකයන්ට චිත්‍රපට දැක්මක් රාත්‍රියේ සංවිධානය කළා.
සැප් 4 WSG සාමාජික හමුවක් පැවැත්වුන අතර, මෙහිදී ලිංගික ශ්‍රමිකයන්ගේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කතා කෙරුනා. ලිංගික ශ්‍රමිකයන් කෙරේ සංවේදීතාවයකින් තොරව, විනිශ්චයාත්මක ආකාරයෙන් අදහස් දැක් වූ, “දේවල් වෙන්නෙ එහෙම තමයි” කියමින් නීති පද්ධතිය තුළ පවතින අසාධාරණකම් සාධාරණීකරණය කළ නීතිඥ කණ්ඩායම ව්‍යාපෘතිය කර ගෙන යාමට තවදුරටත් නොසුදුසු බව මෙහිදී තීරණය වුනා. එසේ වුවත් ලිංගික ශ්‍රමිකයන්ට නීති ආධාර ලබා දීමට මානව හිමිකම් නීතිය ගැන දැනුම් සහිත වෙනත් සුදුසු නීතිඥ කණ්ඩායමක් තෝරා ගැනීමට තවදුරටත් එහිදී තිරණය කළා.
සැප් 21-25 ඉන්දියාවේ නව දිල්ලියේ පැවැත්වුනු, කාන්තාව සහ සෞඛ්‍යය 10 වැනි අන්තර්ජාතික රැස්වීමට WSG සාමාජිකයෙක් සහභාගි වුනා.

මෙම සම්මේලනයේ දී ලෙස්බියන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආසියාවේ සහ ලොව පුරා වර්ධනයන් ගැන සාකච්ඡා කිරීමට වෙනම සභා වාරයක් තිබුනා. ඊට අමතරව සමාජභාවය සහ ලිංගිකත්වය, කාන්තා සෞඛ්‍යය, සහ සංක්‍රාන්ති සමාජභාවී සහ හිජ්රා පුද්ගලයන් ඇතුළු ලිංගික සුළුතරයන් මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡා කෙරෙන සැසි කිහිපයක්ම තිබුනා.

ඔක් 10 WSG ලාංඡනය (logo) සහිතව ‘OUT AND PROUD’, ‘Let’s make a diverse universe’, ‘Women on Top’, ‘Women-strong-smart-powerful-beautiful-intelligent-lovable’ ආදී පාඨ සහිත ටී ෂර්ට් මුද්‍රණය කර, ඒවා ආයතනයට අරමුදල් රැස් කිරීමට, සහ ආයතනයේ දෘෂ්‍යතාවය වැඩි කිරීම සඳහා WSGහි සාමාජිකයන් සහ හිතමිතුරන් අතර විකුණනු ලැබුවා. මේවා ඉදිරියේ දී WSG සහභාගි වන අන්තර්ජාතික සම්මන්ත්‍රණවල දී විකිණීමට ද බලාපොරොත්තු වේ.
ඔක්තෝබර් 16 WSG විසින් අඛණ්ඩව තුන්වන වසරටත් පැවැත්වූ වාර්ෂික සය-සාමාජික කාන්තා ක්‍රිකට් තරගාවලිය ශාන්ත තෝමස් තෝමස් විද්‍යාලයේ කුඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. දිවයින පුරා සමස්ත කාන්තා කණ්ඩායම් 10කට වැඩි පිරිසක් මෙයට සහභාගී වුනා.
ඔක්තෝබර් 20-23 පිලිපීනයේ සීබුහි පැවති ILGA ආසියානු කලාපීය සමුළුවේදී WSG නියෝජනය කරමින් එක් සාමාජිකාවක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය පිළිබඳ අධ්‍යයන පත්‍රිකාවක් ද රට තුළ සංවිධානය විසින් සිදු කරන වැඩ ගැන වාර්තාවක් ද ඉදිරිපත් කළා. .
ඔක්තෝබර්27 -30 කාන්තා අයිතිවාසිකම් සහ සංවර්ධනය පිළිබඳ 10 වන AWID ජාත්‍යන්තර සම්මේලනය තායිලන්තයේ බැංකොක්හි දී  “වෙනස සිදුවන්නේ කෙසේද?”  යන තේමාව යටතේ සංවිධානය කළා. WSG නියෝජනය කරමින් දෙදෙනෙක් මේ සමුළුවට සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
නොවැම්බර් WSG කාර්යාලය සහ ගොඩ වැදීමේ මධ්‍යස්ථානය 2005 නොවැම්බර් මාසයේදී අලුත් තැනකට ගෙන ගියා. ගොඩ වැදීමේ මධ්‍යස්ථානය තුළ සාමාජිකයින්ට සහ පර්යේෂකයින්ට භාවිතා කිරීම සඳහා පොත් සහ සාහිත්‍ය වලින් සමන්විත පුස්තකාල කාමරයක්, විසිත්ත කාමරයක්, කොළඹින් පිටත සිට පැමිණෙන සාමාජිකයින් සඳහා නැවතීමේ පහසුකම් ආදියෙන් සමන්විත වූවා. අලුත් කාර්යාලයට පැමිණීම සමරමින් WSG විසින්  එහි සාමාජිකයින්ට සහ මිතුරන්ට දෙසැම්බර් මාසයේ සාදයක් පැවැත්වූවා.
2005 නොවැ 29- දෙසැ 2 කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ගේ අදහස් විමසීමේ අන්තර්ජාතික සම්මේලනය (International Consultation of Women Human Rights Defenders) කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් 200කට වැඩි පිරිසක් එක්ව කොළඹ දී පවත්වනු ලැබූ අතර එයට WSG සාමාජිකාවන් තිදෙනෙක් ද  සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
දෙසැ 3 කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ගේ අත්දැකීම් ගැන වසර කිහිපයක් තිස්සේ සිදු කෙරෙන  ‘රෙදිවැළ’ ප්‍රදර්ශනය කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
දෙසැ 5 2007 දී කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති 8 වැනි ICCAP (International congress on AIDS in Asia and the Pacific) සමගාමීව පැවැත්වෙන  ICCAP ප්‍රජා සමුළුව උප කමිටුවේ සම-සභාපති ධූරයට WSG ආයතනය තෝරා ගනු ලැබුනා.ICCAP ප්‍රජා සමුළුව උප කමිටුවේ රැස්වීම WSG කාර්යාලයේ දී පැවැත්වුනු අතර ඉදිරි රැස්වීම් ද එහි පැවැත්වීමට තීරණය කෙරුනා.  ප්‍රජා සමුළුවට පෙර කුඩා රැස්වීම් ගණනාවක් පැවැත්වීමට ද එකඟ වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
දෙසැ 10 අන්තර්ජාතික මානව හිමිකම් දිනය සමරමින්  CSDF සංවිධානය හා එක්ව කාන්තා ලිංගික ශ්‍රමිකයින්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ පර්යේෂකයින් සමඟ රැස්වීමක් WSG කාර්යාලයේදී සංවිධානය කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

අන්තර්ජාතික මානව හිමිකම් දිනය සැමරීම 2005
දෙසැ 17 නව කාර්යාල පරිශ්‍රයට යාමෙන් අනතුරුව සාමාජිකයන් සඳහා සාදයක් දෙසැම්බර් 17 දා පැවැත්වූවා.

English translation

2005 in Brief
2005 February 8-10 A training on sexual rights was held in Colombo by the International Gay and Lesbian Human Rights Commission (IGLHRC) for South and Southeast Asia and Human Rights Watch, and was organized by the local partners, the INFORM Human Rights Documentation Centre and the WSG. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2005 February 14-16 Two WSG members participated at South-South Movement Building & Strategic Dialogue on Reproductive Rights and Sexual Rights conference organized by five Asian organizations. Conference was held in New Delhi.වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
March 3-13 The 49th United Nations Commission on the Status of Women, or Beijing+10, was held in New York to review the status of the Beijing Platform for Action on Women’s Rights.Two representatives from WSG participated in this conference held in New York, USA, from 3 to 13 March 2005, with the support of the Sahiwos Foundation. On March 23, WSG organized a meeting of members to share experiences from the Beijing +10 Summit. click here to read more.
April 8 WSG hosted a film screening for its members.
From April 20 In April 2005, WSG, in partnership with the Community Service Development Foundation (CSDF), Colombo, initiated a legal aid program for over 60 female sex workers. This was the second program WSG conducted for sex workers in Colombo. click here to read more.
WSG networked with various organizations to facilitate Tsunami relief efforts. As part of this, on April 21, WSG representatives met with Help-O, an organization working in Galle in the Southern Province, to further discuss ways in which the two organizations could work together.
April The December 2004 issue of Sanvedini newsletter was released in April 2005. Publication of the December 2004 issue had been postponed from time to time due to various emergencies that arose in the aftermath of the Tsunami in December 2004.However, it was printed at the end of April and printed copies were mailed to various local and international institutions.
May 17 On the International Day Against Homophobia, WSG unveiled its new website. This is the second website of WSG. click here to read more.
May 17 Three newspaper advertisements were published in Sinhala, English and Tamil languages ​​to commemorate the International Day Against Homophobia.
May 22 A meeting of WSG members was held.
May 27 WSG held an inter-organizational workshop in Colombo on “Homophobia in Sri Lankan Society” to commemorate the International Day Against Homophobia. Sunila Abeysekara, Rosanna Flamer-Caldera, filmmaker Dharmasiri Bandaranaike, lawyer Ramani Mutthettuwegama, journalist Seetha Ranjani and film director Anoma Rajakaruna expressed their views at the event. click here to read more.
May Film director Anoma Rajakaruna brought forward a proposal to collaborate with WSG to make a documentary on female sexuality in Sri Lanka, and several discussions were held between WSG representatives and director Anoma Rajakaruna regarding the subject, script, and time frame for the film’s production. click here to read more.
June In June 2005, the WSG reviewed its work plan for the following year, and held a series of meetings throughout the month.
                                                                                                                                                                            2005 July 21-24 A two-day joint residential workshop on gender, sexuality and sexual health was held in Negombo. This workshop brought together women who had participated in three previous workshops held in Mahiyanganaya, Monaragala and Kekirawa, as well as their resource persons, in order to have a more in-depth discussion on the issues discussed in their local workshops. click here to read more.
July In July, WSG had an informal discussion with a lawyer about the steps involved in registering itself as a non-governmental organization. Here, it was focused on both the options of registering as a non-governmental organization or a not-for-profit organization. This might have been further discussed with legal professionals.
August 04 A WSG membership meeting was held at the drop-in centre, where participation in international conferences and future projects were discussed.
August On August 10, a meeting with sex workers was held at the CSDF’s drop-in centre to discuss the progress of the project on female sex workers.

On August 15, a meeting was facilitated for a group of female sex workers to meet with a group of seven lawyers to discuss a case.

August 12 A movie night was organized for WSG members.
September 4 A WSG member meeting was held, where the sex workers project was discussed. It was decided that the team of lawyers who expressed opinions in a judgmental manner, without sensitivity towards sex workers, and justified the injustices in the legal system by saying “that is just the way things are” was no longer suitable to work on the project. However, it was further decided to select another suitable group of lawyers apt in human rights law to provide legal assistance to sex workers.
September 21-25 A WSG member attended the 10th International Meeting on Women and Health, held in New Delhi, India.

The conference had a separate panel to discuss developments in Asia and around the world regarding lesbian women’s rights. In addition, there were several sessions discussing issues related to gender and sexuality, women’s health, and issues faced by sexual minorities, including transgender and hijra individuals.

October 10 T-shirts with the WSG logo carrying slogans such as ‘OUT AND PROUD’, ‘Let’s make a diverse universe’, ‘Women on Top’, ‘Women-strong-smart-powerful-beautiful-intelligent-lovable’ were printed and sold among WSG members and allies to raise funds for the organization and increase the organization’s visibility. These were expected to be sold at future international conferences attended by WSG.
October 16 The annual six-a-side women’s cricket tournament, organized by WSG for the third consecutive year, was held at the small club ground of S. Thomas’ College.
October 20-23 One member representing WSG participated in the ILGA Asian Regional Conference held in Cebu, Philippines, and presented a research paper on the situation of gay rights in Sri Lanka and a report on the organization’s work in the country.
October 27 -30 The 10th AWID International Conference on Women’s Rights and Development was organized in Bangkok, Thailand, under the theme “How does change happen?” Two people representing WSG attended this conference. click here to read more.
November The WSG office and drop-in centre were moved to a new location in November 2005. The drop-in centre was equipped with a library room stocked with books and other literature for the use of members and researchers, a living room, and accommodation facilities for members coming from outside Colombo. WSG hosted a party for its members and friends in December to celebrate the moving to the new office.
2005 November 29 – December 2 The International Consultation of Women Human Rights Defenders was held in Colombo, bringing together over 200 women human rights defenders, and three WSG members also participated. click here to read more.
December 3 The ‘Rediwela’ (which translates to ‘clothesline’) exhibition, which had been going on for several years, centered around the experiences of women who were subjected to domestic violence, was displayed at the Henry Pedris Stadium in Colombo.click here to read more.
December 5 WSG was selected to co-chair the ICCAP Community Conference Sub-Committee, which would be held concurrently with the 8th ICCAP (International Congress on AIDS in Asia and the Pacific) scheduled to be held in Colombo in 2007. The ICCAP Community Conference Sub-Committee meeting was held at the WSG office and it was decided to hold future meetings there as well. It was also agreed to hold a number of small meetings prior to the community conference. click here to read more.
December 10 In celebration of International Human Rights Day, the CSDF organized a meeting with female sex workers, women’s rights activists, and researchers at the WSG office. click here to read more.
December 17 A function was held for members on December 17th following the move to the new office premises.

 

Scroll to Top