
ලිංගික අයිතිවාසිකම් ගැන දකුණු සහ අග්නි දිග ආසියානු පුහුණුවක් කොළඹ දී අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC) සහ හියුමන් රයිට්ස් වොච් සංවිධාන විසින් පැවැත් වූ මෙය සංවිධානය කිරීමට දේශීය හවුල්කරුවන් ලෙස කටයුතු කළේ ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්දුය සහ කාන්තා ක්රියාකාරී කණ්ඩායමයි. මෙම වැඩසටහනට දකුණු ආසියානු සහ අග්නි දිග ආසියානු LGBT සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගි වුනා. ඒ අතර බ්ලූ ඩයමන්ඩ් සොසයිටි (නේපාලය), ආන්චල් ට්රස්ට් (මුම්බාය, ඉන්දියාව), හම්සෆා ට්රස්ට් (මුම්බාය, ඉන්දියාව), නාස් ෆවුන්ඩේෂන් ඉන්ටනැෂනල් (දිල්ලිය, ඉන්දියාව), සංගිනි (දිල්ලිය, ඉන්දියාව), සංගම (බැංගලෝර්, ඉන්දියාව), බන්ධු (බංගලාදේශය), කොම්නාස් හම් (ඉන්දුනීසියාව) ඇතුළු සංවිධාන ගණනක් තිබෙනවා. WSG සාමාජිකයන් දෙදෙනෙක් මෙයට සහභාගි වූ අතර, LGBT සංවිධානවල ආරක්ෂාව සඳහා ගත හැකි පියවර ගැන මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වැඩ කිරීම වැනි උද්දේශන කටයුතු ගැන ද මෙහි දී කතා කර තිබෙනවා.