චිත්‍රපට ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගිකත්වයන් සම්බන්ධයෙන්  වාර්තා චිත්‍රපටයක් සිදු කිරීම සඳහා WSG සමග එක්ව කටයුතු කිරීමට යෝජනාවක් චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසින් ගෙන එන ලද අතර, එහි විෂය, තිර රචනය සහ චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා කාල රාමුව පිළිබඳව WSG නියෝජිතයින් සහ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා අතර සාකච්ඡා කිහිපයක් පැවැත්වුනා. මෙම චිත්‍රපටය කාන්තාවන් සමඟ ඔවුන්ගේ ලිංගිකත්වයන් ගැන සම්මුඛ සාකච්ඡා මාලාවකින් සමන්විත වීමට සැලසුම් කර ඇති අතර, ලෙස්බියන් ලිංගිකත්වය ගැන වාර්තා වෙන පළමු වාර්තා චිත්‍රපටය වනු ඇත. WSG සාමාජිකයින් සමඟ සාකච්ඡා මාලාවකින් පසු රූගත කිරීම් නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. මේ චිත්‍රපටය සිදු කිරීමට WSG විසින් අරමුදල් සපයන ආයතන කිහිපයකට ඉල්ලීම් කර ඇත. 

Scroll to Top