2007 දී කොළඹ පැවැත්වීමට සැලසුම් කර ඇති 8 වැනි ICCAP (International congress on AIDS in Asia and the Pacific) සමගාමීව පැවැත්වෙන ICCAP ප්‍රජා සමුළුව උප කමිටුවේ සම-සභාපති ධූරයට ගමන් මගේ සහකරුවෝ ආයතනය සමග WSG ආයතනය තෝරා ගනු ලැබුනා. මෙම ප්‍රජා සමුළුවට LGBT පුද්ගලයන්, විගාමික ශ්‍රමිකයන්, ලිංගික ශ්‍රමිකයන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, තරුණයන්, HIV සමග ජීවත් වන්නන් ආදී ප්‍රජාවන්ට අදාළ ආයතන සහ වෙනත් උද්දේශන සංවිධාන ගණනාවක් එකතු වෙනවා. ICCAP ප්‍රජා සමුළුව උප කමිටුවේ රැස්වීම WSG කාර්යාලයේ දී පැවැත්වුනු අතර ඉදිරි රැස්වීම් ද එහි පැවැත්වීමට තීරණය කෙරුනා. ප්‍රජා සමුළුවට පෙර කුඩා රැස්වීම් ගණනාවක් පැවැත්වීමට ද එකඟ වුනා.