අන්තර්ජාතික මානව හිමිකම් දිනය සැමරීම

අන්තර්ජාතික මානව හිමිකම් දිනය සමරමින්  CSDF සංවිධානය හා එක්ව කාන්තා ලිංගික ශ්‍රමිකයින්, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ පර්යේෂකයින් සමඟ රැස්වීමක් WSG කාර්යාලයේදී සංවිධානය කළා. මෙම රැස්වීමේ අරමුණ වූයේ මෙම විවිධ පාර්ශවයන්ට එකිනෙකා දැන හඳුනා ගැනීමට  සහ WSG හි කටයුතු ගැන දැනුවත් කිරීමට අවස්ථාවක් සැපයීමයි. පුත්තලම් දිස්ත්‍රික්කයේ සිටින ලිංගික ශ්‍රමිකයන් කණ්ඩායමක් සහාය බලාපොරොත්තුවෙන් තමන් හා සන්නිවේදනය කළ නමුත්, තමන්ට තවමත් ඔවුන් සිටින ස්ථානයට යෑමට හෝ නිසි සොයා බැලීමක් කිරීමට නොහැකි වූ බව,  ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි කාන්තා සංවිධානයක් වන Community Empowerment Foundation (CEF) විසින් මෙහිදී පැවසුවා. ඒ සම්බන්ධයෙන් WSG සමග සාමූහිකව කටයුතු කිරීමට තීරණය කෙරුනු අතර, WSG හා කටයුතු කරන එක් ලිංගික ශ්‍රමික කාන්තාවක් එම පිරිසට හමු වීමට පුත්තලමට යාමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනා.

Scroll to Top