
ඔක්තෝබර් 27 -30. කාන්තා අයිතිවාසිකම් සහ සංවර්ධනය පිළිබඳ 10 වන AWID ජාත්‍යන්තර සම්මේලනය තායිලන්තයේ බැංකොක්හි දී “වෙනස සිදුවන්නේ කෙසේද?” යන තේමාව යටතේ සංවිධානය කළා. WSG නියෝජනය කරමින් දෙදෙනෙක් මේ සමුළුවට සහභාගි වුනා.
“ඩිජිටල් අවකාශයන් පාලනය කිරීම”, “HIV/AIDS පිළිබඳ මහජන මතය වෙනස් කිරීම”, “වෙනසක් සඳහා රටා: ඇඟලුම් කර්මාන්තයේ කම්කරු අයිතිවාසිකම්”, “”යම් ව්‍යාපාරයක් තිබේද? එක්සත් ජනපදයේ සමාජ වෙනසක් තිබේද” සහ “අපට සතුට, ලිංගිකත්වය සහ ආරක්ෂාව සමතුලිත කළ හැක්කේ කෙසේද” ආදි පුළුල් පරාසයක විවිධ මාතෘකා ගැන මෙහි දී සාකච්ඡා වුනා. ලොව පුරා විවිධ රටවලින් විවිධ ක්‍රියාකාරීන් මෙයට එක් වූවා.
මෙම සම්මන්ත්‍රණයේ ලිංගික අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමු කරන සැසි ගණනාවක් තිබුනු අතර, LGBT ගැටළු, ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්, සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවේ ගැටළු ආදී බොහෝ දේවල් මෙම සමුළුවේ සාකච්ඡාවට ලක් වුනා.
“ලිංගික අයිතිවාසිකම් සඳහා තරුණ කාන්තාවන් පෙනී සිටිති” යන තේමාව යටතේ ඉන්දියාවේ CREA සංවිධානය විසින් සංවිධානය කළ ඉන්දියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය රටවලින් ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරිනියන් එක්ව සහභාගි වූ සාකච්ඡා මඬුල්ලකට WSG ද දායක වුනා. විවිධ අභියෝග සහිත දුෂ්කර සංස්කෘතික හා දේශපාලන වාතාවරණයක් තුළ නායකත්වය සඳහා තරුණ කාන්තාවන්ගේ භූමිකාව ගැන මෙහිදී සාකච්ඡා කළා. .
අවසාන සැසිය යෙදුනේ ඉදිරි කටයුතු සඳහා සිදු විය යුතු මූලික වෙනස්කම් යෝජනා කිරීමටයි. AWID වේදිකාව තුළ ලිංගික අයිතිවාසිකම් ගැන වඩාත් කේන්ද්‍රීය ස්ථානයක් ලැබුනත්, අනෙක් සමාජ ව්‍යාපාරවල දී LGBT සහ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ගැන ලැබෙන අඩු අවධානය මූලික බාධාවක් බව මෙහිදී කතා කෙරුනා.