
2005 අප්‍රේල් මාසයේදී, WSG විසින් කොළඹ, ප්‍රජා සේවා සංවර්ධන පදනමට (CSDF) හා එක්ව කාන්තා ලිංගික ශ්‍රමිකයින් 60 කට අධික පිරිසක් සඳහා නීති ආධාර වැඩසටහනක් ආරම්භ කළා. කොළඹ නගරයේ ලිංගික ශ්‍රමිකයින් සඳහා WSG විසින් පවත්වන දෙවන වැඩසටහන මෙයයි. මීට පෙර ලිංගික ශ්‍රමිකයන්ට ඉංග්‍රීසි භාෂා පන්ති සහ සෞඛ්‍ය සායන පවත්වනු ලැබුවා.
මෙම නීති ආධාර වැඩසටහනේ ප්‍රතිලාභීන් ලෙස ලිංගික ශ්‍රමික කාන්තාවන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වූ අතර, ඔවුන් අවුරුදු 13-55 වයස් පරාසයක සිටි අතර, කොළඹ සේවය කළද, ස්ථිර පදිංචිය තිබුනේ රටේ විවිධ ප්රදේශවලයි.
අප්‍රේල් සිට ජුනි දක්වා මේ කණ්ඩායම සමග මූලික වටයේ රැස්වීම් කිහිපයක් පවත්වවා ක්‍රමයෙන් හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගත්තා.
ඔවුන් එදිනෙදා ජීවිතයේ දී මුහුණ දුන් ගැටළු අතරට පොලිසියෙන් සිදුවන හිරිහැර- අල්ලස් ගැනීම, කප්පම් ගැනීම සහ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වැඩි වශයෙන් තිබී තිබෙනවා. ලිංගික ශ්‍රමිකයන් විසින් තවදුරටත් කීවේ, තමන් ලිංගික වෘත්තියෙන් ඉවත් වී වෙනත් රැකියාවල නිරතවීමට උත්සාහ කරන විට පවා පොලිසියෙන් සිදුවන හිරිහැර දිගින් දිගටම සිදුවෙන බවත්, ඔවුන්ට මුහුණ පෑමට සිදු වන වෙනස් කොට සැලකීම ඔවුන්ගේ පවුල්වලට සහ දරුවන්ට පවා ව්‍යාප්ත වෙන බවයි.
අසාධාරණ ලෙස අත්අඩංගුවට පත් වූ විට මෙම ලිංගික ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට අධිකරණ තුළ නීතිමය නියෝජනයක් නොමැති අතර, අධිකරණ ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී විවිධ ස්වරූපවල සූරාකෑම්වලට සහ වෙනස්කම් කිරීම්වලට ලක් වීමට සිදුව තිබෙනවා. WSG මෙම ව්‍යාපෘතිය පටන් ගන්නා විට ඔවුන් තමන්ට ගත හැකි නීතිමය පිළියම් ගැන පවා නොදැන සිටි අතර, ඒ ගැන දැනුවත් වීමට කැමැති වුනා. ඔවුන් තවදුරටත් මතු කළේ තමන්ට සාධාරණව සැලකීමට හැකි වන පරිදි පොලිසියේ සහ උසාවිවල සේවයේ නියුතු අයගේ ආකල්ප වෙනස් කිරීමේ අවශ්‍යතාවයයි.
පළමු පියවර ලෙස, ලිංගික ශ්‍රමිකයන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුනු අතර, එහිදී ඔවුන්ගේ හඬට සවන් දීම සහ අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කෙරුනා. ලිංගික ශ්‍රමිකයන් ලෙස තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම සඳහා සංවිධානගත වීමේ වැදගත්කම ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර, WSG විසින් එලෙස සංවිධානය වූ ඉන්දීය කණ්ඩායම්වල උදාහරණ පෙන්වා දී තිබෙනවා. WSG සමග සම්බන්ධතා ඇති ඉන්දීය සංවිධානයක් වෙන සංගම ආයතනය ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් උද්දේශන කටයුතු සිදු කරන ආයතනයක් වෙන අතර, ඔවුන් විසින් ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ක්‍රියාකාරීත්වය ගැන සිදු කල වාර්තා චිත්‍රපටයක් මෙහිදී පෙන්වීම ද සිදු කර තිබෙනවා.
අගෝස්තු මාසයේ දී මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමට ලිංගික ශ්‍රමිකයන් සමග රැස්වීමක් CSDF සංවිධානයේ ගොඩවැදීමේ මධ්‍යස්ථානයේ දී පැවැත්වුනා.
අගෝස්තු 10 දා, LGBT ප්‍රජාවට සහ ලිංගික ශ්‍රමිකයන්ට අදාළ නීති ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිඥයන්ගේ සාමූහිකයක් ඇති කිරීමටත්, ඒ හරහා මේ කණ්ඩායමට නීති ආධාර ලබා දීමට ක්‍රමවේදයක් සැකසීමටත් තීරණය කෙරුනා. මේ හරහා නඩුවලදී නීතිමය නියෝජනය සහ නීතිමය විසඳුම් සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කිරීමත් සැලසුම් කර ඇත.
අගෝස්තු 15 දා, ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයන්ගේ කණ්ඩායම සහ නීතිඥයන් 7 දෙනෙකුගේ කණ්ඩායමක් සමග හමු වී සාකච්ඡා කරන රැස්වීමක් පැවැත්වූවා. මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිඥයකු විසින් ස්ත්‍රී ලිංගික ශ්‍රමිකයන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඒවා කඩ වෙන අවස්ථාවන් ගැන උදාහරණ ඉදිරිපත් කිරීමෙන් පසු ලිංගික ශ්‍රමිකයන් තමන්ගේ අයිතිවාසිකම් කඩවීම් ගැන තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගෙන තිබෙනවා. නමුත් නීතිඥ කණ්ඩායමේ බොහෝ දෙනා ලිංගික ශ්‍රමිකයන් ගැන සංවේදීතාවයකින් තොරව අදහස් දක්වා තිබූ අතර, ඔවුන් පවසා තිබුනේ ලිංගික ශ්‍රමිකයන්ට නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන අවබෝධයක් නැති නිසා මෙවැනි සිදුවීම්වලට මුහුණ පෑමට වෙන බවයි. කෙසේ වුවත් මේ රැස්වීම තුළින් ලිංගික ශ්‍රමිකයන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන අලුත් තොරතුරු දැන ගැනීමට ලැබුනු බවත්, අත්අඩංගුවේ හෝ රැඳවුම් සිටින විට පවා තමන්ට අයිතිවාසිකම් තිබෙන බව
දැන ගැනීම අලුත් දෙයක් වූ බවත් ඔවුන් ප්‍රකාශ කළා.