2006 |
|
| ජනවාරි 21 | පුත්තලමේ දී ලිංගික සෞඛ්‍යය වැඩමුළුවක් සිදු කළා. මෙහිදී කාන්තාවන්ගේ ලිංගිකත්වය, එච්අයිවී/ ඒඩ්ස්, ලිංගාශ්‍රිත රෝග, ලිංගික සුළුතරයන්, සමාජය විසින් කොන් කිරීමට ලක් කරන පුද්ගලයන් ආදී විවිධ මාතෘකා ගැන සාකච්ඡා කළා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| පෙබරවාරි 1 | කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් “සාමය සහ ප්රජාතන්ත්රවාදය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන්” සන්ධානය වෙනුවෙන් ‘සාමයේ මාසය’ පුරා සංවිධානය කළ දෛනික විරෝධතාවයන්ට WSG ද සහභාගි වූවා. මෙම විරෝධතා මාලාවේ පළමු වැන්න පෙබරවාරි 1 වන දින ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා පැවැත්වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| පෙබ 3 | 2008 ඊළග වසරේ පැවැත්වීමට සූදානම් කර ඇති 8 වන ICCAP ප්‍රජා සංසදය ගැන සැලසුම් කිරීමට එහි කමිටු රැස්වීමට WSG නියෝජිතයින් සහභාගී වුණා. සිදු කිරීමට නියමිත කටයුතුවල විෂය පථය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණුන අතර, අනෙකුත් බිම් මට්ටමේ සංවිධාන සමඟ වැඩ කිරීම සඳහා උපාය මාර්ග ගැන අදහස් ඉදිරිපත් කිරීම ද මෙහි දී සිදු වුනා. |
| පෙබ 22 | විවිධ කරුණු නිසා පල කිරීම ප්‍රමාද වූ සංවේදීනි පුවත් ලිපියේ 2005 දෙසැම්බර් කලාපය නිකුත් කෙරුනු අතර, ම්‍රද්‍රිත පිටපත් දේශීය සහ විදේශීය ආයතනවලට සහ ක්‍රියාකාරීන්ට තැපැල් කළා. |
| පෙබ 23 | WSG කටයුතු කළේ ආයතනයකට වඩා සාමාජිකයන්ගේ එකමුතුවක් ලෙසයි. පින්තූරයේ දැක්වෙන්නේ 2006 පළ කරන ලද මූල්‍ය විගණන වාර්තාවක මුල පිටුව වෙන අතර, එහි ඉහළින්ම සඳහන් කර ඇත්තේ WSG සාමාජිකයන්ට ඉදිරිපත් කරන විගණන වාර්තාව (Report of the Auditors to the members of Women’s Support Group) යනුවෙනි. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| පෙබ 24 | WSG හි වසරේ ඉදිරි අංග සැලසුම් කිරීම සඳහා සාමාජික හමුවක් පැවැත්වුනු අතර, එහිදී එම කාර්යය සඳහා සංවිධාන කමිටුවක් ද නම් කරනු ලැබුවා. |
| මාර්තු 2 | රෙදි වැළ ප්‍රදර්ශනය සමග අරමුදල් රැස් කිරීමේ අංගයක් ලෙස සාදයක් කොළඹ ප්‍රකට සමාජ ශාලාවක පැවැත්වුනා. මෙයින් ලැබුනු ආදායම ගෘහස්ථ ප්රචණ්ඩත්වයේ වින්දිතයන්ට සහය ලබා දීම සඳහා යොදා ගෙන තිබෙනවා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| මාර්තු 29 | Dykes N’ Divas සාදය Rhythm ‘n Blues හි දී WSG සඳහා අරමුදල් රැස් කිරීමේ අංගයක් ලෙස සංවිධානය කෙරුනු අතර මේ සඳහා 200-250 අතර පිරිසක් පැමිණියා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| ජුනි 28 | පළමු සාදයෙන් ලැබුනු ආදායම 2006 Gay Games ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට ප්‍රමාණවත් නොවූයෙන් Pride & Spirit යනුවෙන් තවත් සාදයක් ප්‍රයිඩ් මාසය සමරමින් සංවිධානය කළා. |
| ජූලි 15 to 25 | මෙලෙස මුදල් රැස් කර 2006 Gay Games ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ WSG සාමාජිකාවන් දෙදෙනා එහිදී පදක්කම් 7ක් දිනා ගත්තා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
| අගෝස්තු | 2006 Gay Games ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ WSG සාමාජිකාවන් පිළි ගැනීමට සහ ඔවුන්ගේ ජයග්‍රහණ සැමරීම සාදයක් WSG විසින් පැවැත්වූවා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. |
English translation
| The Year 2006 | |
| January 21 | A sexual health workshop was held in Puttalam. Various topics were discussed, including women’s sexuality, HIV/AIDS, sexually transmitted diseases, sexual minorities, and people marginalized by society. click here to read more. |
| February 1 | WSG participated in the daily protests organized by Women and Media Collective on behalf of the “Sri Lankan Women for Peace and Democracy Alliance” throughout the ‘Month of Peace’. The first in this series of protests took place on February 1st from 12.30 pm to 1.00 pm.click here to read more. |
| February 3 | WSG representatives attended the committee meeting to plan for the 8th ICCAP Community Forum, which is scheduled to be held in 2008. An agreement was reached on the scope of work to be carried out, and ideas were also presented on strategies for working with other grassroots organizations. |
| February 22 | The December 2005 issue of the ‘Sanvedini’ newsletter, which was delayed due to various reasons, was released, and hard copies were mailed to local and international organizations and activists. |
| February 23 | WSG functioned more as a union of members than as an institution. The image shows the front page of a financial audit report published in 2006, with the caption at the top: “Report of the Auditors to the members of the Women’s Support Group”. click here to read more.click here to read more. |
| February 24 | A membership meeting was held to plan the upcoming events of the WSG for the year, and an organizing committee was also appointed for the task. |
| March 2 | A party was held at a prominent club in Colombo as part of the fundraising campaign along with the ‘Rediwela’ (translates to ‘Clothesline’) Exhibition. The proceeds from this were directed to provide support to victims of domestic violence. click here to read more. |
| March 29 | ‘Dykes N’ Divas’ (party) was organized at ‘Rhythm and Blues’ as a fundraiser for WSG and was attended by between 200 to 250 people. click here to read more. |
| June 28 | Since the proceeds from the first party were not enough to participate in the 2006 Gay Games, another party called ‘Pride & Spirit’ was organized to celebrate Pride Month. |
| July 15 to 25 | The two WSG members, who participated in the 2006 Gay Games won 7 medals. click here to read more. |
| August | WSG hosted a party to welcome WSG members who participated in the 2006 Gay Games and celebrate their outstanding achievements. click here to read more. |