මාර්තු 29 දා Dykes N’ Divas සාදය Rhythm ‘n Blues හි දී WSG සඳහා අරමුදල් රැස් කිරීමේ අංගයක් ලෙස සංවිධානය කෙරුනු අතර මේ සඳහා 200-250 අතර පිරිසක් පැමිණියා. මෙයින් ලැබෙන ආදයම 2006 Gay Games ක්‍රීඩා උළෙල සහභාගි වන WSG සාමාජිකයන් සඳහා දැරීමට වන වියදම් සඳහා යොදා ගැනීමට බලාපොරාත්තු වුනා. මේ සඳහා Astraea ආයතනයෙන් යම් කිසි මුදලක් ලැබුනත් එය ප්‍රමාණවත් නොවූ නිසා, WSG හට මෙලෙස දේශීයව අරමුදල් රැස් කිරීමට සිදුවුනා.

කෙසේ වුවත් මෙම සාදයෙන් ලැබුනු ආදායම 2006 Gay Games ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට ප්‍රමාණවත් නොවූයෙන් Pride & Spirit යනුවෙන් තවත් සාදයක් ප්‍රයිඩ් මාසය සමරමින් සංවිධානය කර තිබෙනවා. ගුවන් ටිකට්පත්, නවාතැන්, ක්‍රීඩාංගනයේ සිට රට තුළ ගමනාගමනය ආදියට වියදම මිල අධික වූ නිසා මෙලෙස දෙවනි අරමුදල් රැස් කිරීමේ අංගයක් සංවිධානය කිරීමට සිදු වුණා. ජුනි 28 පැවැති මෙම සාදය Taboo හිදී පැවැත්වුනු අතර එයට 200ක පමණ පිරිසක් සහභාගි වුනා. මෙ සාද දෙකේම විනෝද අංග සහ ආරාධිත නර්තන, ගායන ආදී කලා ඉදිරිපත් කිරීම් රැසක් ද තිබුනා.