ජනවාරි 21 දින, පසුගිය දෙසැ 10 පැවැත්වුනු අන්තර්ජාතික මානව හිමිකම් උළෙලේ දී Community Empowerment Foundation (CEF) විසින් සිදු කළ යෝජනාව අනුව පුත්තලමේ දී ලිංගික සෞඛ්‍යය වැඩමුළුවක් සිදු කළා. මෙහිදී කාන්තාවන්ගේ ලිංගිකත්වය, එච්අයිවී/ ඒඩ්ස්, ලිංගාශ්‍රිත රෝග, ලිංගික සුළුතරයන්, සමාජය විසින් කොන් කිරීමට ලක් කරන පුද්ගලයන් ආදී විවිධ මාතෘකා ගැන සාකච්ඡා කළා. මේ වැඩමුළුවට ලිංගික ශ්‍රමිකයන් සහ ප්‍රජා සාමාජිකයන් යන දෙපිරිසම සහිතව කාන්තාවන් 46 දෙනෙක් සහභාගි වූ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා අඩු ආදායම්ලාභී අයයි. මෙහිදී ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයන්ට අත් දැකීමට සිදුවී ඇති කොන් කිරීම ගැන කතා කර, කාන්තා කණ්ඩායම් දෙක අතර අන්‍යොන්‍ය අවබෝධයක් ඇති කිරීමට සහ සාමූහික කටයුතු සඳහා එකඟතාවයකට ඒමට ඔවුන් දිරිමත් කිරීමට මෙහිදී උත්සාහ කර තිබෙනවා.