2004 වසර කෙටියෙන්

 

2004

2004 ජනවාරි 16 – 21 ඉන්දියාවේ මුම්බායේ ගොරොගොඅන් ප්‍රදේශයේ පැවැති ලෝක සමාජ සමුළුවට (World Social Forum) WSG ද සහභාගි වූ අතර, මේ සමුළුවට ඉන්දියානුවන් සහ වෙනත් රටවල අය ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගි වුනා. දින පහක් තිස්සේ පැවැති මේ සමුළුවේ දී 1200කට වැඩි විවිධ අංග සංවිධානය වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2004 පෙබරවාරි 1 පසුගිය වසරේ සංවිධානය කළ SWOT විශ්ලේෂණයේ දෙවැනි අදියර වැඩමුළුව මේ වසරේ දී පැවැත්වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
මැයි – දෙසැම්බර් WSG ආයතනයේ පළමු වෙබ් අඩවියේ අයිතිය සම්බන්ධයෙන් ගමන්මගේ සහකරුවෝ (COJ) ආයතනය සමග ඇති වූ මතභේදයක් නිසා WSG නව වෙබ් අඩවියක්, නව වෙබ් ලිපිනයක් සමග ආරම්භ කළා. WSG ආයතනය වැසෙන තුරු පාවිච්චි කළේ මේ දෙවැනි වෙබ් අඩවියයි. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2004 ජූලි 23- 24 මොනරාගල දිස්ත්‍රික්කයේ තරුණ කාන්තාවන් සඳහා “ලිංගික සෞඛ්‍යය, ලිංගික අයිතිවාසිකම් සහ ලිංගිකත්වය” ගැන දෙදින වැඩමුළුවක් පැවැත්වූවා. ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානයේ උදව් සහිතව සංවිධානය වූයේ මෙයට ක්‍රියාකාරී ප්‍රජා නායිකාවන් ඇතුළුව තරුණියන් 20කට වැඩි දෙනෙක් සහභාගි වුනා. සමාජභාවය, වෙනස්කොට සැලකීම, ලිංගික සෞඛ්‍යය ආදිය සම්බන්ධයෙන් ඉතා ක්‍රියාශීලී සාකච්ඡා සාකච්ඡාවන් මෙහි දී සිදු වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
ඔක්තෝබර් 23-24 ඉන්ෆෝම් දත්ත කේන්දුය හා එක්ව “ලිංගික අයිතිවාසිකම්, ලිංගික සෞඛ්‍යය සහ මාධ්‍ය වගකීම” ගැන දකුණු පළාතේ (ගාල්ල, මාතර, හම්බන්තොට) ජනමාධ්‍යවේදීන් සඳහා එක් දින වැඩමුළුවක් මාතර දී සංවිධානය කළා. ඊට පසු දින, දකුණු පළාතේ ප්‍රජා සේවකයන් සඳහා  තවත් එක් දින වැඩමුළුවක් සංවිධානය කළ අතර එහිදී ලිංගික සෞඛ්‍යය, ලිංගික අයිතිවාසිකම්, සමාජභාවය, කොන්කිරීම, වෙනස් කොට සැලකීම ආදී මාතෘකා ගැන මෙහි දී සාකච්ඡා වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
නොවැම්බර් – දෙසැම්බර් WSG ආයතනයෙන් වෙන් වූ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා ඇතුළු කණ්ඩායමක් විසින් ඊකුවල් ග්‍රවුන්ඩ් නමින් නව ආයතනයක් පටන් ගත්තා.
දෙසැම්බර් 2-3 UNAIDS සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කළ HIV/AIDS පිළිබඳ ජාතික සම්මන්ත්‍රණයට WSG ආයතනය ද සහභාගි වූවා. මෙහිදී එච්අයිවී/ ඒඩ්ස් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම සහ නීතිය යන තේමා සම්බන්ධයෙන් කතා බහ වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2004-2005 WSG විසින් ‘පාවෙන ඡන්ද’ (‘FLoating Votes’) යනුවෙන් කැම්පේන් එකක් සිදු කළ අතර මෙහි කොටසක් ලෙස ‘අපේ රටේ කොන් වෙන සමාජය වෙනුවෙන් කතා කරන්නේ කවුද?’ යනුවෙන් පුවත්පත් දැන්වීමක් පළ කළ අතර එච්අයිවී ඒඩ්ස් සමග ජීවත් වෙන්නන්, ලිංගික වෘත්තිකයන්, සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ගැන කතා කරන ලෙස දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.

2004 දී පාවෙන ඡන්ද ව්‍යාපාරය විසින් කොන් වීමට ලක්වන ප්‍රජාවන්ගේ ඡන්ද අයිතිය ගැන හඬ නැගුවා.

English translation

2004 in Brief
2004 January 16 – 21 WSG participated in the World Social Forum held in Mumbai, India, which was attended by over one hundred thousand people from India and other countries. More than 1,200 different events were organized during this five-day conference. click here to read more.
2004 February 1 The second phase of the SWOT Analysis workshop organized last year was held this year. click here to read more.
May – December Due to a dispute arose with COJ regarding the ownership of the WSG’s first website, WSG launched a new website with a new web address. This second website was used by WSG until it was shut down. click here to read more.
2004 July 23- 24 A two-day workshop on “Sexual Health, Sexual Rights and Sexuality” was held for young women in the Monaragala district. This was organized with the help of the Uva Wellassa Farmer Women’s Organization, this event was attended by more than 20 young women, including active community leaders. Very animated discussions took place here on issues such as gender, discrimination, sexual health, etc. click here to read more.
October 23-24 In collaboration with INFORM Human Rights Documentation Centre, a one-day workshop was organized in Matara for journalists from the Southern Province (Galle, Matara, Hambantota) on “Sexual Rights, Sexual Health and Media Responsibility”. The following day, another one-day workshop was organized for community workers in the Southern Province, where topics such as sexual health, sexual rights, gender, marginalization, and discrimination were discussed. click here to read more.
November – December A group led by Roseanna Flamer-Caldera, who broke away from WSG, started a new organization called EQUAL GROUND.
December 2-3 WSG participated in the National Conference on HIV/AIDS organized by UNAIDS and Centre for Policy Alternatives. The topics discussed included HIV/AIDS and gender, marginalization and discrimination, and the law. click here to read more.
2004-2005 WSG ran a campaign called ‘FLoating Votes’, as part of which it ran a newspaper ad titled ‘Who will speak for the marginalized communities in our country?’ and urged politicians to speak up for people living with HIV/AIDS, sex workers, and lesbian, bisexual and transgender people. click here to read more.

 

Scroll to Top