
2004 ජූලි 23- 24 දෙදින තුළ දී, මොනරාගල දිස්ත්‍රික්කයේ තරුණ කාන්තාවන් සඳහා “ලිංගික සෞඛ්‍යය, ලිංගික අයිතිවාසිකම් සහ ලිංගිකත්වය” ගැන දෙදින වැඩමුළුවක් පැවැත්වූවා. ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානයේ උදව් සහිතව සංවිධානය වූයේ මෙයට ක්‍රියාකාරී ප්‍රජා නායිකාවන් ඇතුළුව තරුණියන් 20කට වැඩි දෙනෙක් සහභාගි වුනා. සමාජභාවය, වෙනස්කොට සැලකීම, ලිංගික සෞඛ්‍යය ආදිය සම්බන්ධයෙන් ඉතා ක්‍රියාශීලී සාකච්ඡා සාකච්ඡාවන් මෙහි දී සිදු වුනා.