2003 වසර කෙටියෙන්

 

2003

2003 ජනවාරි -මාර්තු 2003 ජනවාරි -මාර්තු අතර  කාලයේ සංවේදීනි සඟරාවේ සිව් වැනි කලාපය නිකුත් වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 මැයි කාන්තාවන්ගේ ලිංගිකත්වය, ප්‍රජනක අයිතිවාසිකම්, සහ සෞඛ්‍යය යන තේමාව යටතේ WSG සංවිධානය කළ දෙවන අන්තර්-සංවිධාන වැඩමුළුව කොළඹ CENWOR ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 මැයි 20 WSG ආයතනයේ සිවුවැනි සංවත්සර උළෙල ආයතනය කාර්යාලයේ චාම් උත්සවයක් ලෙස පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 ජුනි 07 WSG සාමාජිකාවන් සඳහා පාදක වැඩටහනක් (Retreat program) වාද්දූව මර්මේඩ් හෝටලයේ දී පැවැත්වුනා. මෙහිදී 2003-2004 වර්ෂ සඳහා WSG වැඩ සැලැස්ම පිළිබඳ සාකච්ඡා  කර තිබෙනවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 ජුනි 26 WSG ආයතනයට අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් පවත්වන වාර්ෂික කාන්තා සුහද සාදය (Women on Top party) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 ජූලි ලිංගික ශ්‍රමික කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල අය  සඳහා  නොමිලේ සෞඛ්‍ය සායන තුනක්  WSG විසින් පැවැත්වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 අගෝස්තු 22-23 WSG මහියංගණයේ කාන්තා සංවිධාන සාමාජිකයන් සඳහා වැඩමුළුවක් පැවැත් වූ අතර මේ සඳහා ගලේයාය දිරිය කතුන් සංවිධානය, දහතුනේ කණුව කතුන් සංවිධානය, බිම් තැන්නේ කාන්තා පෙරමුණ ආදී විවිධ සංවිධාන නියෝජනය කරමින්  කාන්තාවන් 26 දෙනෙකු සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 ඔක්තෝබර් 4 මෙවර WSG ආයතනයේ සිව්වැනි සංවත්සරය සිහිපත් කරමින් වාර්ෂික සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය දෙවැනි වරට බොරැල්ලේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

6 member women's cricket tournament organized by WSG in 2003
කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම දෙවන වරට පැවැත්වූ සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලිය
2003 නොවැ 11-18 පිලිපීනයේ මැනිලා නගරයේ දී “වෙනස් කොට සැලකීම දරා ගැනීම සහ අප සැමරීම” යන තේමාව යටතේ පැවැති 22 වැනි ලෝක ILGA සමුළුවට WSG ආයතනයෙන් ක්‍රියාකාරීනියන් දෙදෙනෙක් සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 නොවැ 25  සහ දෙසැ 10 නොවැම්බර් 25 වන දින කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමේ අන්තර්ජාතික දිනය සමරමින් රෙදි වැළ ප්‍රදර්ශනය ඔඩෙල් ආයනයේ ‘බලාපොරොත්තුවේ කොන’ දී ප්‍රදර්ශනය කෙරුනා. නැවතත් අන්තර්ජාතික මානව හිමිකම් දිනය යෙදුනු දෙසැම්බර් 10 වෙනිදා ද මෙම ප්‍රදර්ශනය කොළඹ ගාලු මුවදොර පිටියේ දී ප්‍රදර්ශනය කෙරුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 නොවැ 28 සහ 29 දෙදින අනුරාධපුර දිස්තික්කයේ කැකිරාවේ දී “කාන්තා ලිංගික සෞඛ්‍යය සහ ලිංගිකත්වය” යන මැයෙන් එම දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා වැඩමුළුවක් පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2003 දෙසැ 13 WSG  විසින් ඔවුන් සමග කටයුතු කරන සංවිධාන සඳහා ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන (SWOT) විශ්ලේෂණයක් සංවිධානය කළ අතර එහි පළමු සැසිය  දෙසැ 13 දා රේණුකා හෝටලයේ දී පැවැත්වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

English translation

2003 in Brief
2003 January – March The fourth issue of the ‘Sanvedini’ magazine was published between January and March 2003. click here to read more.
2003 May The second inter-organizational workshop organized by WSG on the theme of “Women’s Sexuality, Reproductive Rights, and Health” was held at the CENWOR Auditorium in Colombo. click here to read more.
2003 May 20 WSG’s fourth anniversary celebration was held as a simple ceremony at its office. click here to read more.
2003 June 07 A retreat program for WSG members was held at the Mermaid Hotel, Wadduwa. The WSG’s work plan for 2003-2004 was discussed here. click here to read more.
2003 June 26 The annual ‘Women on Top’ party was hosted to raise funds for WSG, was held at the Hilton Hotel, Colombo. click here to read more.
2003 July WSG held three free health clinics for female sex workers and their families. click here to read more.
2003 August 22-23 WSG conducted a workshop for members of women’s organizations in Mahiyanganaya, and 26 women representing various organizations such as the Galeyaga Diriya Kathun, Dahatune Kanuwa Kathun, and Bimthenna Women’s Front participated. click here to read more.
2003 October 4 Commemorating the fourth anniversary of WSG, the annual six-a-side softball tournament was held for the second time at the Health Department Stadium in Borella. click here to read more.
2003 November 11-18 Two activists from WSG participated in the 22nd World ILGA Conference held in Manila, Philippines, under the theme “Surviving Discrimination and Celebrating Our Lives”. click here to read more.
2003 November 25 and December 10 The ‘Rediwela’ (translates to Clothesline) Exhibition was displayed at the ‘Corner of Hope’ at ODEL on November 25th, commemorating the International Day for the Elimination of Violence against Women. .click here to read more.
2003 November 28 and 29 A workshop on “Women’s Sexual Health and Sexuality” was conducted in Kekirawa for women in Anuradhapura District. click here to read more.
2003 December 13 WSG organized a Strengths, Weaknesses, Opportunities and Threats (SWOT) Analysis for the organizations they work with, the first session of which was held on December 13 at the Renuka Hotel. click here to read more..

 

Scroll to Top