2003 ජුනි 26 දින, WSG ආයතනයට අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් පවත්වන වාර්ෂික කාන්තා සුහද සාදය (Women on Top party) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුනා. නැටුම්, ගැයුම් රාශියක් සහිත මෙම සාදයට කාන්තාවන් 300කට අධික පිරිසක් සහභාගි වී තිබෙන අතර, මෙයට ‘හායි! සඟරාව, ඇරීනා සමූහ ව්‍යාපාරය සහ හිල්ටන් සහ රොසෑන් හෙම්දේව් අනුග්‍රහය දක්වා තිබෙනවා. ආරාධිත අමුත්තන් ලෙස මෙයට ආචාර්ය රාධිකා කුමාරස්වාමි (ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති සහ ICES ආයතනයේ අධ්‍යක්ෂිකා), සුනෙර පදනම වෙනුවෙන් සුනේත්‍රා බණ්ඩාරනායක, මානව හිමිකම් ක්‍රියාකාරීනි ගෞරි පොන්නයියා, නර්තන ශිල්පිනී උපේක්ෂා ද සිල්වා, සම්මානිත නිළි අනෝමා ජනාදරී, ඔඩෙල් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂිකා ඔටාරා චන්ද්‍රම්, බෙයාෆූට් ආයතනයේ හිමිකාරිය බාබරා සන්සෝනි, වෙන්ඩි වට්මෝර් පාසැලේ විදුහල්පතිනිය වෙන්ඩි හොල්සින්ගර් මෙයට සහභාගී වී තිබෙනවා.
සංවේදීනි කලාපය 05, නොවැම්බර් 2003

https://web.archive.org/web/20031103074342/http://www.wsgsrilanka.org/events/WomenOnTop1.html