ජූලි මාසයේ පැවැත්වුනු මෙහි පළමු වැන්න සඳහා වැඩහිටියන් 14 දෙනෙක් සහ ළමයි 17 දෙනෙක් පැමිණ තිබෙන අතර, වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ගේ ප්‍රධානත්වය යටතේ කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ වෛද්‍යවරු තිදෙනෙක් මේ සඳහා සේවා සපයා තිබෙනවා. මෙම සායනයට පැමිණෙන අයට දරිද්‍රතාවය නිසා නියම කරන ඖෂධ ලබා ගැනීම අපහසු බැවින් ඒවා දීමටත්, මෙම වැඩසටහන අඛණ්ඩව මාසිකව කර ගෙන යාම සඳහාත්, සායනයට පැමිණෙන අයට වියළි ආහාර ලබා දීමටත් ආධාර ඉල්ලමින් සටහනක් WSG පළමු වෙබ්අඩවියේ පළ කර තිබෙනවා. මෙහිදී ඉල්ලා ඇති ද්‍රව්‍ය වන්නේ ප්‍රතිජීවක ඖෂධ, පැනඩෝල්, ඩිස්ප්‍රින්, වින්ටෝජිනෝ ක්‍රීම් ආදී වේදනා නාශක, විටමින්, පණු රෝග සඳහා ඖෂධ, සහල්, කිරිපිටි, කරවල, ටින් කළ ආහාර, දරුවන්ට සහ වැඩිහිටියන්ට පාවිච්චි කළ ඇඳුම් ආදියයි.

ශ්වසන රෝග සහ මන්ද පෝෂණය ඔවුන්ට තිබී තිබෙන ප්‍රධාන රෝගයි. සෞඛ්‍ය සපන්න ආහාර ලබා ගැනීමේ අපහසුතා, අවම පහසුකම් සහිත නවාතැන් සහ පිරිසිදු ජලය ලබා ගැනීමේ පහසුකම් නැතිකම ආදිය මේ බොහෝ රෝගවලට බලපා තිබෙනවා.
රජයේ වෛද්‍යවරු මේ සඳහා නොමිලයේ සේවා සපයා ඇති අතර, WSG ආයතනය විසින් සායනයට පැමිණි අයට වෛද්‍යවරු නියම කළ ඖෂධ නොමිලයේ ලබා දී තිබෙනවා. ලිංගික ශ්‍රමිකයන්ට රෝහල්වල දී සේවා ලබා ගැනීමේ දී වෙනස් කොට සැලකීමට ලක් වීමට සිදු වීම මෙය සංවිධානය කිරීමට හේතු වූ මූලික කාරණයයි. මේ වැඩසටහන 2004 වර්ෂයේ ද අඛණ්ඩව පවත්වා තිබෙනවා.
https://web.archive.org/web/20070320072206/http://www.wsglanka.com/scripts/events.html