2001 වසර කෙටියෙන්

 

2001

මාර්තු 6 WSG වෙත අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් කොළඹ පිහිටි, කැස්කේඩ්ස් රාත්‍රී සමාජ ශාලාවේ දී Club DV8  නමින් සාදයක් පැවැත්වුනා මෙය COJ සහ WSG ආයතන එකතු වී සංවිධානය කළ අතර,200කට වැඩි පිරිසක් මේ සාදයට පැමිණුනා. හරස් විලාසිතා කළ WSG සහ COJ සාමාජිකයන් මෙහි ආකර්ෂණීය ගීත ගැයීම් ඉදිරිපත් කළා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
මැයි 9 අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC- වර්තමානයේ අවුට්රයිට් ඉන්ටනැෂනල්) විසින් ෆෙලීපා ද සූසා සම්මානය ගමන්මගේ සහකරුවෝ සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම වෙත පිරිනමන ලදී. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
ජුනි 24-25 WSG වෙත අරමුදල් රැස් කිරීමේ අරමුණෙන්” කැට් වෝක් ඩ්‍රැග් හරස්විලාසිතා දැක්ම බම්බලපිටියේ බෙයා ෆූට් ගැලරි කැෆේ අවන්හලේ දී උත්සවාකාරයෙන් දින දෙකක් පුරා පැවැත්වුනා. කොලු, ලෝචිං සහ ඔවුන්ගේ කණ්ඩායමේ උද්යෝගිමත් සංදර්ශකයන්ගෙත්, හැඩවැඩ කරන්නන්, පසුතල හා ආලෝකය පරිපාලකයන්ගේත්, වේදිකා අධ්‍යක්‍ෂකයන්ගේත්, නොමද සම්මාදම ලද මෙයට විශාල ප්‍රේක්‍ෂක සමූහයක් එක්වූනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 

කැට් වෝක් ඩ්‍රැග් හරස්විලාසිතා දැක්ම 2001

 

අගෝස්තු 25– 30 21වැනි ILGA ලෝක සමුළුව  ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕක්ලන්ඩ් හි පැවැත්වුනු අතර ඊට WSG සාමාජිකයන් දෙදෙනෙකුට සහභාගි වීමේ අවස්ථාව ලැබුනා. ඊට අමතරව COJ ආයතනයෙන් ද නියෝජිතයන් සහභාගි වුනා. WSG ආයතනයේ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා සහ ඉන්දියානු ක්‍රියාකාරික අශෝක් රෝ කවි සමුළුවේ අවසන් සැසියේ සම-සභාපතිත්වය දැරූ අතර WSG වෙනුවෙන් කල්දේරා ද COJ වෙනුවෙන් ශර්මන් ද රෝස් ද ILGA-Asia නියෝජිතයන් ලෙස ඒකමතිකව ඡන්දයෙන් තේරී පත් වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
ඔක්තෝබර් 15 හෝ පෙර COJ වෙබ් අඩවියේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම ගැන විස්තර සහිත පිටුවක් අඩංගු වේ. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
දෙසැම්බර් 1 COJ සහ WSG එක්ව ඒඩ්ස් සංධානය සමග ‘අප සැලකිලිමත්, ඔබ’ යන තේමාව යටතේ ලෝක ඒඩ්ස් දිනය දා ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අය සිහිපත් කරමින් ඉටි පන්දම් දැල්වීමේ වැඩසටහනක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූවා. එහිදී අනුස්මරණ පලසක් විවෘත කිරීම ද සිදු වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
දෙසැම්බර් 23 WSG විසින් සංවිධානය කළ වාර්ෂික නත්තල් සාදය ගල්කිස්සේ දී පැවැන්වුනු අතර, COJ සහ WSGහි සාමාජිකයන් සහ හිතවතුන් ගණනාවක් එයට පැමිණියා.
2001 දෙසැම්බර් හෝ 2002 වසර මුල කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම තමන්ගේම කාර්යාලයක් කොල්ලුපිටියේ චෙල්සි උද්‍යානයේ ආරම්භ කළා. 1999 දී WSG ආයතනය සිය කටයුතු ආරම්භ කළේ උද්‍යාන මාවතේ පිහිටි COJ කාර්යාලය පදනම් කර ගෙනයි. ඉන් අනතුරුව COJ ආයතනයේ කොළඹ 06, හැව්ලොක් පාරේ පිහිටි කාර්යාලයක තවත් වසරක පමණ කාලයක් සිට තිබෙනවා.
2001 ‘ඔබ කාන්තාවන්ට පෙම් බඳින්නියක් ද?’ යන පණිවුඩය සහිත ස්ටිකර් සිංහල, සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම සිදු කළා. WSG ආයතනයේ දුරකථන අංකය සහ COJ ආයතනයේ වත්තල තැපැල් පෙට්ටිය ලිපිනය ද මෙහි සඳහන් වුනා. ප්‍රජා සාමාජිකයන් මේ ස්ටිකර් ව්‍යාපාරය හරහා  WSG හා සම්බන්ධ කර ගැනීමටයි. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 

කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2001 වසරේ සිදු කළ ස්ටිකර් කැම්පේනය

English translation

2001 in Brief
March 6 A party named ‘Club DV8’ was held at the Cascades nightclub in Colombo to raise funds for WSG. This was jointly organized by COJ and WSG, and over 200 people were in attendance. The event featured drag performances of WSG and COJ members.  click here to read more..
May 9 The International Gay and Lesbian Human Rights Commission (IGLHRC – now Outright International) presented the Felipa de Sousa Award to the COJ and WSG. click here to read more.
June 24-25 ‘Catwalk’, a drag extravaganza was held over two days at the Barefoot Gallery Cafe in Bambalapitiya to raise funds for WSG. A large audience joined in, with the generous support of Kollu, Lou Ching and their team of enthusiastic performers, stylists, set and lighting managers, and stage directors.  click here to read more.
August 25– 30 The 21st ILGA World Conference was held in Oakland, USA, and two WSG members had the opportunity to attend. In addition, representatives from COJ also participated.  click here to read more.

WSG’s Roseanna Flamer-Caldera and Indian activist Ashok Row Kavi co-chaired the final session of the conference, while Flamer-Caldera for WSG and Sharman de Rose for COJ were unanimously elected as ILGA-Asia delegates.  click here to read more. 

October 15 or before The official COJ website featured a dedicated page on WSG  click here to read more.
December 1 COJ and WSG, together with organizations that raise awareness on HIV/AIDS, held a candlelight vigil at the Bandaranaike Memorial International Conference Hall on World AIDS Day under the theme ‘We Care, Do You?’ A memorial plaque was also unveiled there. click here to read more.
December 23 The annual Christmas Party organized by WSG was held in Mount Lavinia, and was attended by a number of COJ and WSG members and allies.
2001 December or early 2002 WSG opened its own office in Chelsea Park, Colombo 03.

WSG began its operations in 1999, based at the COJ office on Park Lane. After that, COJ stayed at an office located on Havelock Road, Colombo 06 for about another year.

2001 Stickers with the message ‘Are you a woman who loves women?’ were pasted in public places in Sinhala and English. The WSG’s telephone number and the COJ’s Wattala PO Box address were also mentioned on stickers. The goal was to engage community members with WSG through this sticker campaign.   click here to read more.

 

Scroll to Top