
2001 මැයි 9 වැනි දින අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC- වර්තමානයේ අවුට්රයිට් ඉන්ටනැෂනල්) විසින් ෆෙලීපා ද සූසා සම්මානය ගමන්මගේ සහකරුවෝ සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම වෙත පිරිනමන ලදී.
ඉහත එක් වම් පස පින්තූරයේ දැක්වෙන්නේ කාන්තා ක්‍රියාකාරි කණ්ඩායමේ අත් පත්‍රිකාවකි. දකුණු පස ඇත්තේ 2001 දී WSG දිනා ගත් ෆෙලීපා ද සූසා සම්මානය යී.
මෙම සම්මානය කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමට ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ 1999 ද අයිලන්ඩ් පුවත්පතේ පල වූ සමලිංගිකභීතිකාවෙන් යුතු ලිපිය ඇතුළුව විවිධ තර්ජන සහ අභියෝග හමුවේ LGBT අයිතිවාසිකම් සම්බන්ධයෙන් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම අඛණ්ඩව ගෙන ගිය අරගලයයි.
ෆෙලීපා ද සූසා යනු බ්‍රසීලයේ 1556 දී ඉපිද, පසුව පෘතුගාලයට සංක්‍රමණය වී ජීවත් වූ නූතන අරුතෙන් ද්විලිංගික හෝ ලෙස්බියන් කාන්තාවකි. කාන්තාවන් සමග පැවැති ආදර සම්බන්ධතා නිසා ඇයට කස පහර දී දඬුවම් කර ආපසු බ්‍රසීලයට 1591 දී පිටුවහල් කර ඇත. ඇයට ගෞරවයක් ලෙස IGLHRC විසින් ඔවුන්ගේ වාර්ෂික මානව හිමිකම් සම්මානය ඇගේ නමින් නම් කර ඇති අතර WSG වෙත සම්මාන ලැබෙන්නේ හත් වැනි සම්මාන උළෙලේ දීය.
කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම නැවත 2014 දී ෆෙලීපා ද සූසා දිනා ගනී. විස්තර සඳහා 2014 වර්ෂය බලන්න.
2001 මැයි 9 වන දින දැන් අවුට්රයිට් ඇක්ෂන් ඉන්ටර්නැෂනල් ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර සමරිසි හා ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC) විසින් නිව්යෝර්ක් හි පැවති 2001 ෆෙලිපා සම්මාන උළෙලේදී WSG හට LBT පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය අපරාධයක් ලෙස සලකන දණ්ඩ නීති සංග්‍රහ ක්‍රමය අවලංගු කිරීම සඳහා WSG විසින් ගෙන යන අඛණ්ඩ අරගලය වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමුවා.