2000 වසර කෙටියෙන්

 

2000

2000 මාර්තු 8 කාන්තා දින වැඩසටහනක් විහාර මහා දේවි උද්‍යානයේ ද, අනතුරුව කාන්තා අයිතීන් ගැන රැළියක් ලිප්ටන් වට රවුමේ ද පැවැත්වුනු අතර කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (WSG) ඇතුළුව දිවයින පුරා විවිධ කාන්තා සංවිධාන සහ ක්‍රියාකාරීන් ගණනාවක් එයට සහභාගි වූවා. WSG ඊට සහභාගි වනවාට ඇතැම් කාන්තා සංවිධාන පවා විරුද්ධ වුනා.  වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2000 මාර්තු මස 11 ගමන්මගේ සහකරුවෝ සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එක්ව සංවිධානය කළ ‘පින්ක් බෝල් 2000’ සාදය කොළඹ නාරාහේන්පිට ශාලිකා පිටියේ දී පැවැත්වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න. 

‘පින්ක් බෝල් 2000’ සාදය. ඡායා:- ශ්‍රියන්ත වල්පොළ
2000 මාර්තු‌/ අප්‍රේල් සංවේදිනී පුවත්ලිපියේ පළමු කලාපය නිකුත් වුනා.  වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2000 මැයි 23 අයිලන්ඩ් පුවත්පතට එරෙහිව ෂර්මන් ද රෝස් පුවත්පත් මණ්ඩලයේ ගොනු කළ පැමිණිල්ලේ නිෂ්ප්‍රභ කරමින් ෂර්මන් ද රෝස්ට රු.2100/= ක දඩයක් ද ගෙවන ලෙස නියම කළා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
2000 ජූනි 5 – 9 නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ‘බීජිං + පහ’ විශේෂ සැසිවාරයට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු සහභාගී වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.
2000 ජුනි 22-25 Trikone සංවිධානය විසින් ජුනි 22-24 ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වූ දේසිත්2000 දකුණු ආසියානු LGBTIQ+ සම්මන්ත්‍රණයට සහ 25 ඉරිදා පැවැත්වූ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රයිඩ් උළෙලට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවක් සහභාගි වූවා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
2000 ජූලි 1 – 7 ආන්දෝලනතා රැසක් මැද පළමු ලෝක ප්‍රයිඩ් රැළිය සහ 20 වැනි ILGA (අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් සංගමයේ) ලෝක සමුළුව ඉතාලියේ අගනුවර රෝමයේ දී පැවැත්වුනා. මේ සමුළුවට සහ රැළියට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (WSG) නියෝජනය කරමින් සාමාජිකාවන් තිදෙනෙක් සහභාගි වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
2000 ජූලි 10 හෝ ඉන් පසු WSG ආයතනයේ COJ ආයතනයේ ගරාජය තුළ තමන්ට වෙන්වූ කාර්යාලයක් පටන් ගනී.
2000 ජූලි මස 22 දින සහ අගෝස්තු මස 02 දින කාන්තා ක්‍රියාකාරි කණ්ඩායම  ලිංගික සෞඛ්‍ය පිලිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය වැඩසටහන් මාලාවක් ආරම්භ කළා. ජූලි මස 22 දින සහ අගෝස්තු මස 02 දින හගුරන්කෙත ඇඟලුම් ආයතන දෙකක දී පැවැති වැඩසටහන්වලට ඇඟලුම් සේවිකාවෝ 800කට වැඩි ගණනක් සහාභාගී වුනා. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 
2000 දෙසැ 1 කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවන සංවේදිනී පුවත්ලිපිය නිකුත් කර ඇත්තේ ලෝක ඒඩ්ස් දිනය සමරමිනුයි. ඒඩ්ස් දින තේමාව වී ඇත්තේ “මිනිස්සු දේවල් වෙනස් කරයි” යන්න වෙන අතර, ඒඩ්ස් නිසා මරණයට පත් වූ අය සිහිපත් කරමින් සටහනක් පුවත්ලිපියේ හැඳින්වීමේ අඩංගු වේ. වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න. 

English translation

2000 in Brief
2000 March 8 A Women’s Day program was held at ViharaMahaDevi Park, followed by a rally on women’s rights at Lipton Roundabout, and was attended by many women’s organizations and activists from across the island, including the Women’s Support Group (WSG). Some of the women’s organizations opposed WSG’s participation in these events. click here to read more.
2000 March 11 The ‘Pink Ball 2000’ jointly organized by COJ and the WSG, was held at the Shalika Grounds in Narahenpita, Colombo. click here to read more.
2000 March/April The first issue of the ‘Sanvedini’ newsletter was released. click here to read more.
2000 May 23 The complaint filed by Sherman de Rose against the Island newspaper with the Press Council was dismissed and Sherman de Rose was also ordered to pay a fine of 2100 LKR. click here to read more.
2000 June 5 – 9 Two members of the WSG participated in the ‘Beijing + Five’ special session of the United Nations General Assembly held in New York.  click here to read more.
2000 June 22-25 A member of the WSG participated in the Desith2000 South Asian LGBTIQ+ Conference organized by the Trikone organization in San Francisco, USA, from June 22-24, and the San Francisco Pride Festival held on Sunday, the 25th.  click here to read more.
2000 July 1 – 7 The first World Pride Rally and the 20th ILGA (International Lesbian and Gay Association) World Conference were held in the capital of Italy, Rome, amidst much controversy. Three members representing the WSG participated in this conference and rally.  click here to read more. 
2000 July 10 or afterwards WSG opens its own office in the garage of COJ.
2000 July 22 and August 02 WSG launched a series of health programs to educate women on sexual health. More than 800 garment workers participated in the programs held at two garment factories in Haguranketha on July 22nd and August 2nd.  click here to read more.
2000 December 1 The WSG’s second ‘Sanvedini’ newsletter was released to commemorate World AIDS Day. The theme of AIDS Day was “People Make a Difference,” and the newsletter included a note in the introduction remembering those who have died from AIDS.  click here to read more.

 

Scroll to Top