1999 වසර කෙටියෙන්

English translation available below

1999

1999 මැයි ජනමාධ්‍ය තුල ප්‍රසිද්ධ සාකච්ඡාවට ලක්වූ ලෙස්බියන් තරුණ යුවලකගේ සිය දිවි නසා ගැනීම ගැන ඇතිවූ සංවාදය කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ (WSG) ආරම්භයට බෙහෙවින් දායක වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
1999 ජුනි ගමන්මගේ සහකරුවෝ (COJ) ආයතනයට අන්‍රබද්ධව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (WSG) පිහිටවනු ලැබුවා. කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම පටන්ගත් කාලයේ ආයතනයේ නම ලෙස සිංහලෙන් පාවිච්චි කර ඇත්තේ “ගමන් මඟෙහි සහකරුවෝ, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම” යනුවෙනි. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
1999 ජූලි – අගෝස්තු සතිපතා කොළඹ උද්‍යාන මාවතේ පිහිටි ගමන්මගේ සහකරුවෝ ආයතනයේ සංවිධානය වන කාන්තා හමුවකි. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
1999 ජූලි 30- අගෝස්තු 4 අතර දිනයක් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවන් පිරිසක් විසින් එන වසරේ දී තමන් සංවිධානය කිරීමට බලාපොරොත්තුවන ලෙස්බියන්  කාන්තාවන්ගේ ජාතික සම්මන්ත්‍රණයක් සම්බන්‍ධයෙන් මාධ්‍ය දැනුවත් කළා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.

WSG members at their first Press conference in 1999
WSG සාමාජිකයන් 1999 දී ඔවුන් පැවැත්වූ පළමු මාධ්‍ය සම්මන්ත්‍රණය අතරතුර
1999 අගෝස්තු 20 ස්ත්‍රී දූෂණය සඳහා උසාවියෙන් වරදකරුවන් වූ පිරිසක් මෙම ලෙස්බියන් කාන්තාවන්ගේ  සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයට ගෙනවුත් දමා එයට සහභාගි වන ලෙස්බියන් කාන්තාවන්ට රිසි සේ ලිංගික බලහත්කාරකම් කරන්නට ඉඩ දෙන ලෙස ඉල්ලමින් කැලණියේ පී අලස් නම් පාඨකයකු ලියූ වෛර සහගත ලිපියක් ද අයිලන්ඩ් පුවත්පතේ පළ වුනා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
1999 අගෝස්තු 24 ගමන්මගේ සහකරුවෝ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ෂර්මන් ද රෝස් ද අයිලන්ඩ් පුවත්පතේ සංස්කාරක මණ්ඩලයට පළ කළ වෛරී ලිපිය ගැන පැමිණිලි කළා. අනතුරුව එදිනම එම පුවත්පතට සහ  එය අයිති සී/ස උපාලි ප්‍රවෘත්ති පත්‍ර පුද්ගලික සමාගමට එරෙහිව පුවත්පත් මණ්ඩලයට පැමිණිලි කළා. වැඩි විස්තර මෙතැනින් කියවන්න.
1999 අගෝස්තු 24 ලෙස්බියන් කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් සිදු කරන ලෙස පී අලස් නම් පාඨකයා ලියූ වෛර සහගත ලිපිය, ද අයිලන්ඩ් පුවත්පතේ පල කිරීමට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් විසින් අත්සන් කරන ලද විරෝධය දැක්වීමේ ප්‍රකාශයක් ද අයිලන්ඩ් පුවත්පතට යැවීමෙන් පසුව එය 1999 අගෝස්තු 24 වෙන දින අයිලන්ඩ්  පුවත්පතේ පළ විය. වැඩි විස්තර මෙතැනින් කියවන්න.

English translation

1999 in Brief
1999 May The conversation surrounding the suicide of a young lesbian couple, which was widely discussed in the media, greatly contributed to the founding of the Women’s Support Group (WSG). Click here to read more.
1999 June The Women’s Support Group (WSG) was established in association with the Companions on a Journey (COJ). When the Women’s Support Group was first established, the name used in Sinhala can be interpreted as “Partners on the Journey, Women’s Action Group”. Click here to read more.
1999 July – August Weekly women’s meetings were housed at the Companions on a Journey (COJ) office on Park Lane, Colombo.  Click here to read more.
1999, In between July 30 and August 4. A few members of the WSG briefed the media about the National Lesbian Conference they had been planning to organize in the following year. Click here to read more.
1999 August 20 A derogatory article authored by an individual named P. Alles from Kelaniya appeared in The Island newspaper, calling for a group of individuals convicted of rape to be brought to the location of the Lesbian Conference, intending to permit them to sexually assault the lesbian women attending the conference. Click here to read more.
1999 August 24 Sherman de Rose, Executive Director of COJ complained to the editorial board of The Island newspaper about the derogatory article published. Then, on the same day, a complaint was filed with the Press Council against that newspaper and its owner, Upali Newspapers Private Limited. Click here to read more.
1999 August 24 On August 24, 1999, The Island newspaper published a statement of condemnation signed by many civil society activists to protest its publication of a hateful and derogatory article written by a person named P. Allas calling for sexual assault of lesbian women. Click here to read more.

 

Scroll to Top