LGBTIQ දෘෂ්ටිකෝණයකින් මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කිරීම ගැන වැඩමුළුවක්

 

RSFU (ලිංගික අධ්‍යාපනය සඳහා ස්වීඩන සංගමය) විසින් 2009 මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා ඉන්දියාවේ මුම්බායි හිදී LGBTIQ දෘෂ්ටිකෝණයකින මානව හිමිකම් උල්ලංඝනයන් ලේඛනගත කිරීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුනු අතර ඒ සඳහා WSG ආයතනයෙන් ද එක් සාමාජිකයෙක් සහභාගි වුනා.

 

මෙම වැඩමුළුවෙන් දකුණු ආසියානු කලාපයේ LGBTIQ සංවිධානවල සාමාජිකයන්ගේ කුසලතා ගොඩනැගීම ඉලක්ක කෙරුනා. වැඩමුළුවේ ප්‍රධාන අන්තර්ගතය වූයේ තරුණ ක්‍රියාකාරීන්ට මානව හිමිකම් ඉතිහාසය සහ මානව හිමිකම් රාමුව තේරුම් ගැනීමට අවස්ථාවක් ලබා දීම සහ පසුව එය LGBTIQ දෘෂ්ටිකෝණයකින් බැලීමට; මෙන්ම LGBTIQ පුද්ගලයින්ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ සිදුවීම් ලේඛනගත කිරීම ගැන ක්‍රමානුකූල පුහ්‍රණුවක්  ක්‍රියාකාරීන්ට ලබා දීමයි.  

Scroll to Top