එච්අයිවී/ඒඩ්ස්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුවක් 2008 අගෝස්තු 29 සහ 30 දෙදින තුළ පුත්තලමේ ප්‍රජා දිරිය පදනම (ප්‍රජා දිරිගැන්වීමේ පදනම) සමඟ එක්ව WSG විසින් සංවිධානය කළා. පළමු දිනය ලිංගාශ්‍රිත රෝග සහ එච්අයිවී/ඒඩ්ස් පිළිබඳව වූ අතර එහි දී රජයේ වෛද්‍ය නිලධාරියෙකු විසින් සම්පත් දායකත්වය සැපයුවා. දෙවන දිනය කාන්තාවන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේදී බලපාන ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීම සිදු කළා. සිංහල සහ මුස්ලිම් කාන්තාවන් මෙන්ම සමහර අවතැන් වූවන් ඇතුළු කාන්තාවන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩමුළුවට සහභාගි වුනා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්‍රියාකාරීන් නොවූ බැවින් දැනුවත් කිරීමේ කටයුතු රාශියක් අවශ්‍ය වුනා.