ආසියා පැසිෆික් කලාපයේ ඒඩ්ස් පිළිබඳ 8 වන ජාත්‍යන්තර සම්මේලනය (ICAAPP), කොළඹ

WSG හි සාමාජිකයින් දෙදෙනෙකුට සම්මේලනයට සහභාගී වීම සඳහා ශිෂ්‍යත්ව හිමි වුනු අතර, ඊට අමතරව, තවත් සාමාජිකයින් තිදෙනෙකුට WSG හි මිතුරෙකු හරහා තවත් ශිෂ්‍යත්ව තුනක් හිමි වුනා. වසරක පමණ කාලයක් තිස්සේ ICAAPP ප්‍රජා සංසදයේ උපකමිටුවේ සමසභාපතිත්වය දරමින් සැලසුම් කළ ICAAPP ප්‍රජා සංසදය සම්මේලනයේ පළමු දින එනම් අගෝස්තු 19 දිනම ආරම්භ වුනා. 

එදිනම සවස සමාරම්භක උත්සවයේදී කියවීමට තිබූ ප්‍රජා ප්‍රකාශයට ලිංගික අයිතිවාසිකම් ගැන කොටසක් එකතු කිරීමට WSG සාමාජිකයන් ප්‍රමුඛ ලෙස්බියන් සාකච්ඡා කණ්ඩායමක් කටයුතු කළා.  “වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන ලිංගික සබඳතා අපරාධයක් ලෙස සලකන නීති ඉවත් කිරීම සඳහා” උද්දේශනය කිරීම මෙන්ම “සමාජයේ සෑම තරාතිරමකම අයට ලිංගිකත්වයන් සහ ලිංගික අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යාපනය ලබා දීම”  ඇතුළු අනෙකුත් යෝජනා මීට අඩංගු වුණා.

 

මීට අමතරව තවත් සැසි කිහිපයක් සඳහා WSG සිය වැදගත් දායකත්වයන් ලබා දුන්නා.

අගෝස්තු 21 වන දින “ආසියාවේ සහ පැසිෆික් කලාපයේ LGBT/MSM සහ HIV: ප්‍රජාවන්හි නායකත්වය සහ අභියෝග” යන ආසියා-පැසිෆික් රේන්බෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද සැසියේ දී WSG ද ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, සාකච්ඡා මඬුල්ලේ සිටි එකම කාන්තා සංවිධානය සහ දකුණු ආසියාවේ එකම සංවිධානය වූයේ WSG යි. සාකච්ඡා මඬුල්ලේ සිටි අනෙකුත් නියෝජිතයින් මැලේසියාව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් නියෝජනය කළා. කාන්තාවන් සඳහා ග්‍රාමීය ලිංගික සෞඛ්‍ය වැඩමුළු සංවිධානය කිරීමේදී මුහුණ දෙන අභියෝග ගැන WSG අදහස් දැක්වූවා. ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ට ලිංගික සෞඛ්‍ය දැනුම නොමැතිකම සහ එවැනි දැනුමට ප්‍රවේශය නොමැතිකම ගැන මෙහිදී WSG අවධාරණය කළා.

එදිනම, WSG ආසියා-පැසිෆික් ගම්මානයේ ප්‍රජා ශාලාව ප්‍රජා අවකාශයේදී WSG සිය ක්‍රියාකාරකම් ගැන කෙටියෙන් කතා කළ අතර, විවිධ රටවලින් පැමිණි ක්‍රියාකාරීන් සමඟ අත්දැකීම් කිහිපයක් බෙදා ගත්තා. 

අගෝස්තු 21 වන දින අපි ලෙස්බියන් සභා මණ්ඩලයක් WSGහි මූලිකත්වය ඇතිව  පැවැත්වුනු අතර, මේ සඳහා LBT කාන්තාවන් එතරම් සහභාගී නොවූවත්, ශ්‍රී ලංකාවේ LBT ප්‍රජාව මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීමට සහ දැන ගැනීමට කැමති තරුණ අය මෙයට සහභාගි වුනා.

Scroll to Top