මෙය කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම පටන්ගත් කාලයේ පාවිච්චියට ගත් ලිපි සිරැසියකි (ලෙටර්හෙඩ් එකකි). මෙහි ආයතනයේ නම ලෙස සිංහලෙන් පාවිච්චි කර ඇත්තේ “ගමන් මඟෙහි සහකරුවෝ, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම” යනුවෙනි.
මෙහි ඊමේල් ලිපිනය ලෙස භාවිතා කරන්නේ ගමන් මගේ සහකරුවෝ ආයතනයේ ඊමේල් ලිපිනයයි. මෙහි සඳහන් වන කොළඹ 5 උද්‍යාන මාවතේ ලිපිනය සහ මහනුවර පිහිටි ලිපිනය ගමන්මගේ සහකරුවෝ ආයතනයේ ලිපිනයි. මෙයින් පෙනෙන්නේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම කොළඹ මෙන්ම COJ ආයතනයේ මහනුවර ශාඛාව හරහා ද සම්බන්ධ කළ හැකි වූ බවයි.
මෙම මුද්‍රණය කරන ලද පත්‍රිකාවේ දැක්වෙන්නේ 2001 වසරේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් බම්බලපිටියේ බෙයාෆූට් ගැලරි හි දී සංවිධානය කළ කැට් වෝක් ඩ්‍රැග් හරස් විලාසිතා කැට් වෝක් සංදර්ශනයට සහයෝගය දුන් අයට ස්තූති කිරීමකි. මේ සම්බන්ධ දීර්ඝ විස්තරයක් සංවේදීනි පුවත් ලිපියේ පලවූ පහත ලිපියේ අඩංගු වේ.
