වාර්ෂික සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය

2003 ඔක්තෝබර් 4 දින, WSG ආයතනයේ සිව්වැනි සංවත්සරය සිහිපත් කරමින් වාර්ෂික සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය දෙවැනි වරට බොරැල්ලේ, සෞඛ්‍ය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. මේ සඳහා කොළඹින් මෙන්ම, පිට පළාත්වලින් ද ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර, ශූරතාවය කලපලුවාව සිංහ කණ්ඩායම ද, අනුශූරතාවය රජරට කාන්තා කණ්ඩායම ද දිනා ගත්තා. WSG ආයතනය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වූ නමුත් ජයග්‍රහණය කිරීමට ලැබුනේ නැහැ. දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ ද රජරට කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවකුයි. තරගාවලිය සඳහා අනුග්‍රහය ජේ.යූ.එම්.එස්. වෙළෙඳ ආයතනය සහ විෂන් ඔප්ටික් ආයතන විසින් දක්වා තිබෙනවා.  

Scroll to Top