කාන්තා හිංසනයට එරෙහිව රෙදි වැළ ප්‍රදර්ශනය

දෙසැම්බර් තුන් වැනිදා, කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්ගේ අත්දැකීම් ගැන වසර කිහිපයක් තිස්සේ සිදු කෙරෙන  ‘රෙදිවැළ’ ප්‍රදර්ශනය නැවතත් කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී ප්‍රදර්ශනය කෙරුනා.

 

2002 වසරේ ආරම්භ කරන ලද රෙදි වැළ ව්‍යාපෘතිය විසින් සිදු කරන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් වින්දිතයන් ලවා ඔවුන්ට මුහුණ පෑමට වූ කටුක අත්දැකීම් ගැන සිදු කළ සටහන් සහිත ඇඳුම් ප්‍රදර්ශනය කරමින්   කාන්තාවන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමයි. දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි, යන ශ්‍රී ලංකාවේ භාවිතා වන භාෂා තුනෙන්ම මේ ප්‍රදර්ශනයේ ඇති ඇඳුම්වල පණිවිඩ ලියා ඇති අතර, මෙය රෙදි වැලක් සේ ප්‍රදර්ශනය කෙරෙනවා. 

 

කාන්තාවන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේ දී CIDA, OXFAM, UNHCR සහ UNFPA විසින් සාමූහිකව සංවිධානය කළ පැවැත්වූ ප්‍රසිද්ධ උත්සවයක දී,  එම අවස්ථාවට සහභාගී වූ WSG සිය කුටිය  තුළ ‘රෙදි වැළ’ ප්‍රදර්ශනය සහ පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කළා.  මෙම අංගයේ දී LGBT ගැටළු පිළිබඳ දෘශ්‍යතාව ඉහළ නැංවීම සඳහා සංවේදීනි පුවත්ලිපි, WSG අත් පත්‍රිකා සහ ආරක්ෂිත ලිංගික හැසිරීම් සහ ලිංගික සෞඛ්‍ය ගැන තොරතුරු සහිත ප්‍රකාශන ද බෙදා දුන් අතර, WSG ටී-ෂර්ට් සහභාගිවන්නන් අතර ඉතා ජනප්‍රිය වුනා.

 

රෙදි වැළ ව්‍යාපෘතිය පළමු වරට එළි දැක්වුනේ 2002 වසරේ අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙනි. 

 

Scroll to Top