සමලිංගික භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය

සමලිංගිකභීතිකාවට එරෙහි අන්තර්ජාතික දිනය සමරමින් පුවත්පත් දැන්වීම් 3ක් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පුවත්පත් දැන්වීම් තුනක් පළ කරනු ලැබුවා. දැන්වීමේ පහළින් ‘පාවෙන ඡන්ද’ ව්‍යාපාරයේ ඊමේල් ලිපිනය සඳහන් වී තිබුනු අතර, ළඟ එමින් තිබූ ජනාධිපතිවරණය සන්දර්භය තුළ මතු වූ සමලිංගිකභීතිකාවෙන් යුතු අදහස් ගැන මෙයින් ඇමතීමට උත්සාහ කළ වන්නට පුළුවන. 

 

සිංහල බසින් වූ දැන්වීමේ මෙසේ සඳහන් වුනා. 

 

“සමලිංගික භීතිකාවට විරුද්ධව ජාත්‍යන්තර දිනය 2005 මැයි 17 වන දිනයට යේදී තිබිණි. 

 

සමලිංගික භීතිකාව යනු සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්තිලිංගික, අන්තර්ලිංගික, හා ලිංගිකත්වය ගැන ප්‍රශ්න කරන පුද්ගලයන් පිළිබඳ බිය හා වෛරයයි.

 

ලිංගය, ජාතිය, ආගම හා සමාජ තරාතිරම මත වෙනස්කම් නොකිරීමට අප තුල ඇති කැපවීම පිළිබදව ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඉතා ආඩම්බර වෙමු.

 

අප සමලිංගික භීතිකාව පිළිබද මෙවැනි ස්ථාවරයක් ගත යුතු නැද්ද?

සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්තිලිංගික, හා අන්තර්ලිංගික පුද්ගලයන් ඔබේ සමාජයේ සිටිති. .

 

ඔබ ඔවුන් හට

  • නොසලකා හරිනවාද?
  • වෛර කරනවාද?
  •  වෙනස්කම් කරනවාද?
  • ඔවුන්ගේ ජීවිත පිළිබද දැන ගෙන ඔවුන්ටත් අයිතීන් ඇති බව පිළි ගන්නවාද?

 

සමලිංගික භීතිකාව පිළිබඳ නිහඬතාවය බිඳිමු, 

සමලිංගිකභීතිකාවට එරෙහි සංධානය email- floatingvote@hotmail.com

Scroll to Top