කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ගේ අදහස් විමසීමේ අන්තර්ජාතික සම්මේලනය

කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින්ගේ අදහස් විමසීමේ අන්තර්ජාතික සම්මේලනය 

(International Consultation of Women Human Rights Defenders) කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් සහ කාන්තා අයිතිවාසිකම් ගැන කටයුතු කරන පිරිමින්ද ඇතුළුව   200කට වැඩි පිරිසක් එක්ව කොළඹ දී පවත්වනු ලැබූ අතර එයට WSG සාමාජිකාවන් තිදෙනෙක් සහභාගි වුනා. 

 

කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් විශේෂයෙන්ම තමන්ගේ සමාජභාවය සහ ඔවුන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සිදු කරන වැඩ හේතුවෙන් අත්දකින ප්‍රචණ්ඩත්වය, වෙනස් කොට සැලකීම සහ වෙනත් අපයෝජන ජය ගැනීමට ඇති විවිධ උපායමාර්ග සහ ඒ පිළිබඳ තමන්ගේ අත්දැකීම් ගැන සමුළුවේ දී සාකච්ඡා කෙරුනා. සමුළුව ප්‍රධාන වශයෙන් මාතෘකා 4ක් ගැන අවධානය යොමු කළා. 

 

  • රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, වගවීම සහ යුක්තිය සම්බන්ධයෙන් ඇති ගැටළු
  • දේශපාලන බලය ලබා ගන්නා හෝ ලබා ගැනීමට උත්සාහ කරන මූලධර්මවාදී ව්‍යාපාරවල වර්ධනය 
  • කාන්තාවන්ගේ ශරීරවලට සහ කීර්තියට හානි කිරීමට සහ කාන්තාවන් බිය වැද්දවීමට ලිංගිකත්වය පදනම් කර ගත් ප්‍රහාර යොදා ගැනීම සහ පවුල්වලින් සහ ප්‍රජාවලින් සිදු කරන අපයෝජන ගැන කටයුතු කිරීමේ අවශ්‍යතාවය 

 

විවිධ ලිංගිකත්වයන් පිළිබඳ අංගයක් මෙම සමුළුවේ දී පැවැත්වුනා. එහිදී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ලිංගික අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන අභියෝග, ගැටළු සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි උපාය මාර්ග ගැන ද සාකච්ඡා කළා.  

 

මෙම සම්මේලනය අවසානයේ WSG විසින් කොළඹ ප්‍රමුඛ රාත්‍රී සමාජ ශාලාවක ‘කාන්තාවන් සඳහා පමණක්’ වූ සාදයක් ද සංවිධානය කළා. එයට සහභාගිවන්නන් බොහෝ දෙනක් සහභාගී වූ අතර, මිත්‍රත්වයන් ඇති කර ගැනීමට සහ අවිධිමත් ලෙස එකිනෙකා හා ජාල ගත වීමට එය උදව්වක් වන්නට ඇති.

Scroll to Top