තුන් වැනි වාර්ෂික කාන්තා ක්‍රිකට් තරගාවලිය

WSG විසින් අඛණ්ඩව තුන්වන වසරටත් පැවැත්වූ වාර්ෂික සය-සාමාජික කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වන ඉරිදා ශාන්ත තෝමස් තෝමස් විද්‍යාලයේ කුඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. . අනුරාධපුර, ගාල්ල, වත්තල, මහනුවර සහ කොළඹ ඇතුළු දිවයින පුරා සමස්ත කාන්තා කණ්ඩායම් 10කට වැඩි පිරිසක් මෙයට සහභාගී වුනා. ජයග්‍රහණය කළ කණ්ඩායම් සඳහා සම්මාන සහ ත්‍යාග පිරිනැමීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ප්‍රමුඛ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන සුනිලා අබේසේකර සහ නිළි අනෝමා ජනාදරී සහභාගි වුනා. ශූරතා කුසලානය ගාල්ල කාන්තා සමාජ කණ්ඩායමට හිමි වූ අතර වත්තල මේසි සමාජය අනුශූරතාවය දිනා ගත්තා.WSG සාමාජිකයින්ට සහ පදක්කම් සහ සම්මාන සැපයීමට Jeiyu-MS Advertising පුද්ගලික සමාගමඅනුග්‍රහය දක්වා තිබෙනවා.  

Scroll to Top