WSG සාමාජිකාවන් සඳහා සබඳතා කළමනාකරණය පිළිබඳ අර්ධ දින වැඩමුළුවක් පවත්වා තිබෙනවා. එහිදී අපි අපව සහ අනෙකුත් අයව පිළිගැනීම කරන ආකාරය, සම්බන්ධතා තුළ දී සන්නිවේදනය දියුණු කර ගන්නා ආකාරය ගැන සාකච්ඡා කර තිබෙනවා. මනෝ චිකිත්සකයෙක් සහ ව්‍යාපෘති කළමණාකරුවෙක් වන ආචාර්ය මේරියන් ස්ටවුන්ටන් විසින් මෙයට සම්පත් දායකත්වය සපයා තිබෙන අතර ඉංග්‍රීසි බසින් පවත්වා ඇති මෙම වැඩමුළුවට සිංහල භාෂා පරිවර්තන පහසුකම් ද සපයා තිබෙනවා. මෙයට අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් සහිත සාකච්ඡා ද, කුසලතා ගොඩනැගීමේ අභ්‍යාස ද අඩංගු කර තිබෙනවා.