REACH 08 ‘Rise for Equality, Act for Change & Hope’ (‘සමානාත්මතාවය සඳහා නැගී සිටිමු, වෙනසක් සඳහා ක්‍රියා කරමු සහ බලාපොරොත්තුව,’ REACH 08), මැයෙන් අන්තර්ජාතික තරුණ සමුළුවක් ඔක්තෝබර් 19-21 දෙදින තුළ, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර දී පැවැත්වුනා.

මෙහිදී ආසියානු කලාපයේ තරුණ අය එච්අයිවී/ඒඩ්ස් ගැන දැනුවත් කිරීම සහ ඔවුන් සහචර අධ්‍යාපනඥයින් ලෙස සහභාගිවන්නන් පුහුණු කිරීම, ඒ පිළිබඳ ඔවුන්ගේ කුසලතා ගොඩනැගීමේ අරමුණු කර ගෙන මේ තරුණ සමුළුවක් සංවිධානය වුනා. WSG හි නියෝජිතයින් දෙදෙනෙක් මේ සමුළුවට සහභාගී වූ අතර, WSG හි සම්බන්ධීකාරකට ‘කාන්තාවන් සහ එච්අයිවී/ඒඩ්ස් අතර සම්බන්ධය ගැන සාකච්ඡා මඬුල්ලක දී ආරාධිත ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට අවස්ථාවක් ලැබුනා.