WSG විසින් ගෝලීය LGBT අධ්‍යාපනඥයින්ගේ සන්ධානයේ (GALE) උපදේශක මණ්ඩලයේ දෙවන වාර්ෂික රැස්වීම ලංකාවේ පැවැත්වීමට පහසුකම් සැපයූවා.
2006 දී පිහිටුවන ලද GALE, ලිංගික දිශානතිය, ලිංගික අනන්‍යතාවය සහ ප්‍රකාශනය හේතුවෙන් අවාසි සහගත පුද්ගලයින් ඔවුන්ගේ අධ්‍යාපනික විශේෂඥතාව හඳුනා ගැනීම, වැඩිදියුණු කිරීම සහ බෙදා ගැනීම මගින්, පූර්ණ අන්තර්ගතකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරනවා.

GALE හි 2 වන වාර්ෂික උපදේශක මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ කොළඹ දී දින තුනක කාලයක් පුරා පැවැත්වුනා. ඔවුන්ගේ ගෝලීය උපදේශක මණ්ඩලයේ WSG සාමාජිකයෙක් ද සිටින අතර WSG ආයතනය ආසියානු උපාය මාර්ග කණ්ඩායමේ ද සාමාජිකයෙකි. ඊළඟ වසර තුළ යෝජනා කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම්වලින් එකක් වන්නේ කතන්දර කීමේ ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම වන අතර, එහි අරමුණ වන්නේ LGBT සංවිධානවල උපාය මාර්ග අධ්‍යාපනය සඳහා මෙවලමක් ලෙස කතන්දර කීම භාවිතා කිරීමයි.