ඩ්‍රැග් රජු ඡායාරූප මාලාව CREA ආයතනය නේපාලයේ පවත්වන ‘Count me in!’ සම්මන්ත්‍රණයේ දී ප්‍රදර්ශනයට

නේපාලයේ කත්මණ්ඩු නුවර, කොන් කිරීමට ලක් වූ කාන්තාවන්ට එරෙහි හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා CREA විසින් සංවිධානය කරන Count Me In! සම්මන්ත්‍රණයේ දී ඩ්‍රැග් රජු විලාසිතා ඡායාරූප මාලාව ප්‍රදර්ශනය කෙරුනා. මෙම ඡායාරූප මාලාව සංවේදීනී සඟරාවේ ද ප්‍රකාශයට පත් කෙරුනා. ඒවායේ WSG සාමාජිකයන් පිරිමි යැයි සැලකෙන විලාසිතාවලින් පෙනී සිටියා. ඒවායේ කිසිවක ඔවුන්ගේ මුහුණු පැහැදිලි ලෙස පෙන්වූයේ නැහැ. WSG පිහිටුවා දශකයකටත් වඩා කල් ගත වී ඇතත්, ලෙස්බියන් හා ද්විලිංගික කාන්තාවන්ටත්, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ටත් සිය අනන්‍යතාවය සම්බන්ධයෙන් හෙළිදරව් වීමට ඇති බාධාවන් සහ දුෂ්කරතාවන් මෙයින් පැහැදිලිව පෙනෙනවා. 

Scroll to Top