
Jaded Jezebels’ පොත් සමාජය 2011 පෙබරවාරි මාසයේ දී පිහිටුවා තිබෙනවා.කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් ආරම්භයේ සිටම පාහේ පුස්තකාලයක් පවත්වාගෙන ගියත්, පොත් සමාජයක් යන අදහස ඔවුන්ට පැමිණ ඇත්තේ මේ වසරේය. WSG පිහිටවූ මුල් කාලයේ ඔවුන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ඔවුනට එරෙහිව පී අලස් නම් පාඨකයා විසින් ලියන සමලිංගිකභීතිකාවෙන් යුතු වෛරී ලිපියේ අඩංගු අපහාසාත්මක පදයක් යොදා ගනිමින් ඔවුන් ජේඩඩ් ජෙසබෙල්ස් පොත් සමාජය (JJBC) නමින් ඔවුන්ගේ පොත් සමාජයට නම් තබා තිබෙනවා.
2010 ජනවාරි මාසයේ නිකුත් වූ “බ්ලූ” නම් ශෘංගාරාත්මක කතා පොතේ කාන්තාවන් අතර සිදුවන අනුරාගී අත්දැකීම් ගැන කියවෙන කථා තුනක් එහි ඇතුළත් වූ නිසා මෙම කතා සංග්‍රහය WSG සාමාජිකාවන්ගේ විශේෂ අවධානයට ලක් වී තිබෙනවා. ඒ පොත කියවීමෙන් පසුව ඒ ගැන ඔවුන්ගේ ප්‍රතිචාර ගැන කතා කිරීම සඳහා WSG සාමාජිකාවන් දස දෙනෙක් පමණ පිරිසක් හමුවීමෙන් පසුව මේ පොත් සමාජය ගැන අදහස පැමිණ තිබෙනවා.
ඔවුන්ගේ කතා බහට මුල් වූ පොත erotica ශානරයට අයත් නූතන ශ්‍රී ලාංකීය පොත්වල පළමු වැන්න විය හැකි බව ඒ ගැන ඔවුන්ගේ අදහස් 2010-2011 සංවේදීනී සඟරාවට ලියන ‘Jaded Jezebels’ පොත් සමාජයේ සාමාජිකාවක් කියා තිබෙනවා.
මේ කතා තුන ගැන සජීවී සාකච්ඡාවක යෙදී සිටින අතර, ඔවුනට හමු වී අනෙක් විශේෂ කාරණය වන්නේ ඒ සෑම කතාවකම ලේඛකයා අන්වර්ථ නාමයකින් පෙනී සිටීමයි. කාන්තාවන්ට ආදරය කාන්තාවන්ට තමන් මුහුණ දිය හැකි සමාජීය වෙනස් කොට සැලකීම ඇතුළුව පෞද්ගලිකත්වය ගැන කාරණා මෙලෙස අන්වර්ථ නමකින් පෙනී සිටින්නට හේතු වන්නට ඇති බව ඔවුන් කියා සිටිනවා.
ඔවුන් තම පොත් සමාජය නම් කරන්නේ අතීත සිද්ධියක් සිහිපත් කරමිනුයි. WSG පිහිටවූ මුල් කාලයේ ඔවුන් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ඔවුනට එරෙහිව පී අලස් නම් පාඨකයා විසින් ලියන සමලිංගිකභීතිකාවෙන් යුතු වෛරී ලිපියේ අඩංගු පදයක් යොදා ගනිමින් ඔවුන් ජේඩඩ් ජෙසබෙල්ස් පොත් සමාජය (JJBC) නමින් ඔවුන්ගේ පොත් සමාජයට නම් තබා තිබෙනවා. ජෙසබල් බයිබලයේ සිටින චරිතයක් වෙන අතර ඇය බලයට කෑදර, කාමුක, ප්‍රචණ්ඩ, සදාචාර විරෝධී ගැහැණියකි. ජේඩඩ් යන වචනයේ තේරුම වෙහෙසට පත්, නීරස, වැනි අදහසකි. ‘නීරස කාමුක, සදාචාර විරෝධී ගැහැනුන්ගේ පොත් සමාජය’ යැයි JJBC අපහසුවෙන් සිංහලට පරිවර්තනය කළ හැකියි.