අපයෝජනයන් ලේඛනගත කිරීම සහ කලාපීය අධ්‍යයනයක් සඳහා මාර්ගෝපදේශ සැකසීම ගැන වැඩමුළුවක්

අයිතිවාසිකම් අපයෝජනයන් ලේඛනගත කිරීම සහ  කලාපීය අධ්‍යයනයක් සඳහා මාර්ගෝපදේශ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් RFSU විසින් පැවැත්වූ  රැස්වීමකට  2009 ඔක්තෝබර් 11 – 15  දිනවල ඉන්දියාවේ දිල්ලියේ පැවැත්වුනා. WSG හි සාමාජිකයින් දෙදෙනෙකු දිල්ලියේ පැවති මෙම රැස්වීමට සහභාගි වූ අතර, RSFU විසින් අරමුදල් සපයනු ලබන WSG හි ක්‍රියාකාරකම් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද සිදු කළා. ධාරිතා වර්ධනය, කුසලතා සංවර්ධනය, කාර්ය මණ්ඩල සුභසාධනය, සාක්ෂි පදනම ශක්තිමත් කිරීම (කොළඹින් පිටත වැඩ සම්බන්ධයෙන්) සහ LBT කාන්තාවන් සඳහා ආරක්ෂිත අවකාශයක් සහ මධ්‍යස්ථානයක් පවත්වා ගැනීම යන දෑ සම්බන්ධයෙන් කටයුතු කිරීමට RFSU විසින් අරමුදල් සපයා තියෙනවා.  මෙම අදහස් විමසීමේ රැස්වීමට දකුණු ආසියානු කලාපයේ සංවිධාන නියෝජනය කරන LGBT පුද්ගලයින් විශාල ගණනක් සහභාගි වූ අතර, එම සංවිධාන සමග ජාලගත වීමට ද WSG හට මෙහිදී අවස්ථාව ලැබුනා.

Scroll to Top