IGLHRC විසින් සංවිධානය කළ උපාය මාර්ග වැඩමුළුවට WSG සහභාගි වේ

2009 මැයි 27-30 දින පිලිපීනයේ ක්වේසන් නගරයේ පැවති IGLHRC විසින් සංවිධානය කළ උපාය මාර්ග වැඩමුළුවට WSG ද සහභාගි වුනා. 

 

විෂමලිංගික නොවන කාන්තාවන්ට එරෙහි  ලිංගික දිශානතිය, සමාජභාව අනන්‍යතාවය හෝ සමාජභාව ප්‍රකාශනය මත පදනම් වන ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වූ උපාය මාර්ග වැඩමුළුවකට WSG හි සාමාජිකයින් දෙදෙනෙක් සහභාගී වුනා. මෙම වැඩමුළුවට තායිලන්තය, මැලේසියාව, ජපානය, චීනය, ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ පකිස්ථානය යන රටවලින් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වුනා. ආසියාවේ LBT පුද්ගලයින්ට එරෙහි හිංසනය සම්බන්ධ සිද්ධි අඩුවෙන් වාර්තා වී ඇති බවත්, අඩුවෙන් හඳුනාගෙන ඇති බවත්, අඩු අවධානයක් ලැබෙන බවත්, ඒ ගැන වැඩ කිරීමේ අවශ්‍යතාවත් බොහෝ කණ්ඩායම් මෙහිදී පෙන්වා දුන්නා. 

 

පවුලෙන්, සහ ප්‍රජාවන්ගෙන් සිදුවන සහ රාජ්‍යය අනුග්‍රහය ලත් ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා සිදු කෙරුනා. LBT පුද්ගලයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලේඛනගත කර ඇති දත්ත පිළිබඳ අධ්‍යයන පත්‍රිකාවක් මෙහිදී WSG විසින් ඉදිරිපත් කළ අතර එහිදී LBT පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් කටයුතු කරන නිර්වචනය ද, මේ සිදුවීම්වල දකින්නට හැකි පොදු සංඝඨකයන් ගැන සිතියම් ගත කිරීමක් ද WSG විසින් වැඩමුළුවට ඉදිරිපත් කළා. මේ හිංසනයන්ට බොහෝ අවස්ථාවල දී වගකිව යුතු අය  හඳුනා ගැනීමට අමතරව, මෙම සිදුවීම්වලට මැදිහත් වීමේදී WSG විසින් අනුගමනය කරන ලද උපාය මාර්ග ගැනත්, තමන්ගේ අත්දැකීම් සහ අභියෝග ගැනත්  විස්තර ඔවුන් තවදුරටත් බෙදා ගත්තා. 

 

මේ වැඩමුළුව තුළින් WSG හට ආසියානු කලාපයේ කණ්ඩායම් මුහුණ දෙන පොදු අභියෝග හඳුනා ගැනීමට හට හැකි වූ අතර, කලාපයේ අනෙකුත් සංවිධාන තවදුරටත් ජාලගත වීමට ද ලැබුනා.  ඊට අමතරව, WSG ආයතනයට, මානව හිමිකම් ලේඛන පිළිබඳ පුහුණු මෙහෙයවන ක්‍රියාකාරික ආයතනයකින් ආරම්භ වන ආසියානු පර්යේෂණ සහ ලේඛන ව්‍යාපෘතියක් සඳහා සහය ලැබෙනු ඇති බවට තහවුරු කිරීමක් ද මෙහි දී ලැබුනා.  

Scroll to Top