IASSCS හි සම්මන්ත්‍රණය සහ පශ්චාත් සම්මන්ත්‍රණ පුහුණුව

ලිංගිකත්වය, සංස්කෘතිය සහ සමාජය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IASSCS) 2009අ ප්‍රේල් මාසයේදී වියට්නාමයේ හැනෝයි හිදී “මතභේදාත්මක අහිංසකත්වය – පොදු සහ පෞද්ගලික අවකාශයේ තමන්ගේ ලිංගිකත්වය ගැන තීරණ ගැනීමට, කටයුතු කිරීමට ඇති බලය”  (“Contested Innocence – Sexual Agency in Public and Private Space”) යන තේමාව යටතේ සිය ජාත්‍යන්තර සමුළුව පැවැත්වූවා. WSG නියෝජිතයෙකු සමුළුවට මෙන්ම පශ්චාත් සම්මන්ත්‍රණ පුහුණුවට සහභාගී වුනා. ඒ සඳහා කාර්ටිනි ආසියානු ජාලයෙන් ලබා දුන් තරඟකාරී ශිෂ්‍යත්වයක් දිනා ගත්තා.  දින 10 ක් පුරා පැවති පශ්චාත් සම්මන්ත්‍රණ පුහුණුව සඳහා ලොව විවිධ රටවලින් ලිංගික අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂකයින්/ ක්‍රියාකාරීන් 30 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, ඔවුන්ගෙන් බහුතරය ආසියානු කලාපයෙන් පැමිණි අය වූවා. ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවේද, න්‍යායාත්මක රාමු සහ පර්යේෂණවල ප්‍රධාන ප්‍රතිඵල, ක්‍රියාකාරීන් සඳහා පර්යේෂණ භාවිතය සහ ලිංගික අයිතිවාසිකම් යන තේමාවන්වල දී පර්යේෂණවල ‘අභ්‍යන්තරිකයා/පිටස්තරයා’ යන දේශපාලනය යන මාතෘකා ගැන මෙහි දී සාකච්ඡා කෙරුනා. අනෙකුත් සංවිධාන හා ජාලකරණයට ද WSG හට මෙහිදී අවස්ථාව ලැබුනා

Scroll to Top