ලිංගික සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුවක් මොනරාගලදී

ඔක්තෝබර් 18-19 දෙදින තුළ, ලිංගික සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුවක් මොනරාගල ප්‍රදේශයේ දී ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සම්මේලනය සමග එක්වී WSG විසින් සංවිධානය කළා.   

බුත්තල, බඩල්කුඹුර, සියඹලාණ්ඩුව සහ කතරගම වැනි මොණරාගල අවට ප්‍රදේශවල ප්‍රජා නායිකාවන් වූ කාන්තාවන් 36 දෙනෙක් මේ සඳහා සහභාගි වුනා. සහභාගි වූ අය අතර සමෘද්ධි සජීවිකරණ නිලධාරීන් කිහිප දෙනෙක් ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහායකයින් ලෙස සේවය කරන අය ද සිටියා.

පළමු දින සැසියේ දී එච්අයිවී/ඒඩ්ස්, ලිංගාශ්‍රිත රෝග සහ ආරක්ෂිත ලිංගික ක්‍රියා ගැන සාකච්ඡා කළා. දෙවන දිනයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය පිළිබඳ සංකල්ප මෙන්ම විෂමලිංගික සම්මතයන් සහිත සන්දර්භයන් තුළ වැඩ කිරීමේ දී කාන්තාවන් සමඟ වැඩ කිරීමේ දී මතුවෙන ගැටළු ගැන අවධානය යොමු කළා. සමාජභාව සමාජානුයෝජනය ක්‍රියාවලිය ගැන සාකච්ඡාවක් දෙවන දින පවත්වා වැඩමුළුව අවසන් කළා.

Scroll to Top