
WSG හි කාර්ය මණ්ඩලය සහ සාමාජිකයින් සඳහා එච්අයිවී/ඒඩ්ස් ගැන පුහුණුකරුවන්ගේ එක්දින පුහුණුවක් පැවැත්වූවා. මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ වූයේ පුත්තලම, මොනරාගල, බුත්තල සහ ශ්‍රී ලංකාවේ දකුණේ අනෙකුත් ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රජා මූලික සංවිධානවල සහභාගිවන්නන්ට එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ අර්ධ දින පුහුණු සැසියක් මෙහෙයවීම සඳහා පුහුණුකරුවන් ලෙස ඔවුනු් පුහුණුකිරීමයි.
TOT හි පළමු කොටස කැප කරන ලද්දේ පුහුණු වැඩසටහනක් සැලසුම් කිරීමේදී ප්‍රායෝගික වශයෙන් ළඟා විය හැකි අරමුණු වර්ධනය කිරීමේ වැදගත්කම සහභාගිවන්නන්ට තේරුම් ගැනීමට උපකාර කිරීමට යි.
දෙවන පියවර වූයේ සහභාගිවන්නන්ට ප්‍රශ්නාවලියක් තුළින් ඔවුන්ගේ දැනුම, ආකල්ප සහ හැසිරීම් රටා මට්ටම තක්සේරු කිරීමට අවස්ථාවක් ලබා දීමයි. මෙම ප්‍රශ්නාවලියට එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ ප්‍රශ්න 15 ක් අඩංගු වූවා . ඉන්පසු මෙම සෑම ප්‍රශ්නයක්ම විස්තරාත්මකව සාකච්ඡා කළා. ඉන්පසු පුහුණුකරු HIV සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් පොදු ජනයා අතර ඇති විවිධ වැරදි වැටහීම් සාකච්ඡා කිරීමට පැයක පමණ කාලයක් ගත කළා.
අනතුරුව සිදු කළ අභ්‍යාසයේ දී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවර්ධනය කරන ලද බහු භාෂා ෆ්ලෑෂ් කාඩ්පත් භාවිතා කරමින්, සෑම සහභාගිවන්නෙකුම කණ්ඩායම ඉදිරිපිට එක් එක් කාඩ්පතේ අඩංගු පණිවිඩ ගැන සාකච්ඡා කළා. .
අනතුරුව කොන්ඩම් යන මාතෘකාව ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා. කොන්ඩම් යනු සංසර්ගය අතරතුර එච්අයිවී සම්ප්‍රේෂණයට එරෙහිව ඇති වඩාත් කාර්යක්ෂම බාධකයයි. “වෙල්වට්” යන වෙළඳ නාමය යටතේ ඉන්දියාවේ ස්ත්‍රී කොන්ඩම් නිෂ්පාදකයින් වන කාන්තා සෞඛ්‍ය පදනම සහ හින්දුස්ථාන් ලැටෙක්ස් වෙතින් ලබා ගත් පින්තූර සහ ලිපි ලේඛන භාවිතා කරමින් පැහැදිලි කිරීම් සමඟ පිරිමි සහ ගැහැණු කොන්ඩම් භාවිතය කරන ආකාරය නිරූපණය කර පෙන්නුවා. .
ඉන්පසු සහභාගිවන්නන්ට ද කණ්ඩායම ඉදිරිපිට කොන්ඩම් භාවිතය නිරූපණය කර දැක්වීමට දිරිමත් කළා. මෙයින් පසු, සහභාගිවන්නන් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට බෙදුවා. ඉන්පසු එක් එක් සහභාගිවන්නන්ට කණ්ඩායම ඉදිරිපිට සම්පත් දායකත්වය සැලසීම සඳහා ප්‍රායෝගික සහභාගීත්ව අභ්‍යාසයකට යොමු කළා. ඔවුන් සම්පත් දායකත්වය සැපයූ ආකාරය සම්බන්ධයෙන් එහි අන්තර්ගතය සහ ක්‍රියාවලිය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න ගැන සෑම සහභාගිවන්නෙකුටම ප්‍රතිපෝෂණ ලබා දුන්නා.
අභ්‍යාසවල අන්තර්ගතය වුයේ එච්අයිවී/ ඒඩ්ස්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංග භේදය සහ ලිංගිකත්වය සම්බන්ධ මාතෘකායි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංග භේදය සහ ලිංගිකත්වය යන සංකල්පවල අර්ථය , ඒවා අතර පවතින වෙනස්කම් මෙන්ම, පීතෘමූලිකත්වයේ අර්ථය පිළිබඳව ද මෙහි දී සිත්ගන්නා සාකච්ඡාවක් සිදු වුනා.