පුත්තලමේදී ආරක්ෂිත ලිංගික ක්‍රියා, ලිංගිකත්වය සහ සමාජභාව අනන්‍යතාවයන් පිළිබඳ වැඩමුළුවක් පැවැත්වුනා. මෙම වැඩ මුළු පුත්තලම ප්‍රජා දිරිය පදනම සමග එක්ව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2008 අගෝස්තු මස දෙදින වැඩමුළුවක් ලෙස පැවැත්වූවා.පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකින් පැමිණි, සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් විවිධ ජනවර්ගවලට අයත් කාන්තාවන් 53 ක් මෙයට සහභාගි වුනා.මෙම වැඩුමුළුවේ දී 1. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ඒ පිලිබඳ දැනුවත්වීම. 2. ඒඩ්ස් සහ නිවාරණය 3. ආරක්ෂාකාරී ලිංගික හැසිරීම් සහ ඒ පිලිබඳ දැනුවත්වීම 4. ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය යනු කුමක්ද? යන මාතෘකා ආවරණය වු අතර කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ භූමිකා රංගන ක්‍රියාකාරකම් ද ඇතුලත් වුනා.

විවිධ ලිංගික දිශානතීන් සහ සමාජභාව අනන්‍යතා ඇතුළුව විෂම ලිංගික නොවන ලිංගික චර්යාවන් සහ අනන්‍යතාවන්, ගැනත්, LGBTIQ+ අයට මුහුණ පෑමට වන කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම ගැනත් මෙහිදී තවදුරටත් සාකච්ඡා වුන අතර, අන්තර්ජාතික මානව හිමිකම් නීතිය යටතේ LGBTIQ+ අයිතිවාසිකම් ගැන ඇති තත්වය ගැනත් දැනුවත් කළා. මෙහිදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිලිබඳව දැනුවත් කිරීමට, පුත්තලම දිසාවේ භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා සහභාගි වූ අතර, අනෙකුත් සැසි මෙහෙයවූයේ අයිතිවාසිකම් ක්‍රියාධරයන් විසිනුයි.