
2008 වසරේ දී ලෙස්බියන් තරුණියන් දෙදෙනෙකුට සහාය ලබා දීම සඳහා WSG සහ කොළඹ පිහිටි තවත් එල්ජීබීටී අයිතිවාසිකම් සංවිධානයක් වන ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතන දෙක සාමූහිකව කටයුතු කර තිබෙනවා. මෙහි දී ප්‍රධාන වශයෙන් මනෝ සමාජ සහාය, ආරක්ෂාව තහවුරු කිරීම, ආරක්ෂිත නවාතැන් නිර්දේශ කිරීම, සහ අවශ්‍ය නීති උපදෙස් ආදිය WSG විසින් සපයා තිබෙන අතර, නවාතැන්, ගමන් වියදම්, නීති ගාස්තු, සහ අනෙකුත් අවස්ථානුකූල වියදම් ඇතුළු සියලු වියදම් ඊකුවල් ග්‍රවුන්ඩ් ආයතනය දරා තිබෙනවා. WSG විසින් එක් අයකුගේ දුරකථන ඇමතුම් සඳහා සුළු මුදලක් ලබා දී තිබෙනවා. මෙම සිද්ධිය තරුණියන් දෙදෙනාගේ පැත්තෙන් සුබවාදීව අවසන් නොවූවත්, ආයතන දෙක මෙහිදී සාමූහිකව වැඩ කිරීම ඉතාම හෘදයාංගම එකක් බව සංවේදීනි පුවත් ලිපිය සඳහන් කරනවා.