
ලිංගිකත්වය, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ගැන වැඩමුළුවක් ඉන්දියාවේ, නවදිල්ලියේ, මනෙසාර් හි දී පෙබරවාරි 11-16 අතර පැවැත්වුනු අතර, මෙයට WSG එක් සාමාජිකයෙක් සහභාගි වුනා.
ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් ගැන කටයුතු කරන ඉන්දියාවේ පිහිටි, ස්ත්‍රීවාදී ,සංවිධානයක් වන ටාර්ෂි (TARSHI) විසින් මෙය සංවිධානය කළා. ඉන්දුනීසියාව, සිංගප්පූරුව, කාම්බෝජය, වියට්නාමය, චීනය, නේපාලය, පකිස්තානය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව යන රටවලින් 27 දෙනෙක් මේ වැඩමුළුවට සහභාගි වුනු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් WSG වෙතින් එක් අයෙකු ද සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් තවත් අයෙක් ලෙස දෙදෙනෙක් සහභාගි වී තිබුනා.
මෙම වැඩමුළුව ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් තේමා කර ගෙන තිබූ අතර, එහිදී ලිංගිකත්වය සහ බලය, ලිංගික තෘප්තිය සහ සතුට, ප්‍රචණ්ඩත්වය, ලිංගිකත්වය මත කොන් කිරීමට ලක් කරන පුද්ගල කණ්ඩායම් ආදිය ගැන සාකච්ඡා වී තිබෙනවා. මෙම වැඩමුළුවේ විශේෂත්වය වී තිබෙන්නේ එහි දේශන වෙනුවට සාමූහික ක්‍රියාකාරකම් බොහොමයක් යොදා ගනිමින් ඒ හරහා අන්‍යොන්‍ය ලෙස ඉගෙන ගැනීමට අවස්ථා සපයා දී තිබීමයි.