
ලිංගික අයිතිවාසිකම් ජාලයේ රැස්වීමක් 2007 සැප්තැම්බර් 30, අනුරාධපුරයේ දී පැවැත්වුනා. WSG සහ පුත්තලම සහ බුත්තල ප්රජා පාදක සංවිධානවල (CBOs) නියෝජිතයින් සමඟ අනුරාධපුර ප්රදේශයේ කාන්තා සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සහ තවත් සංවිධාන කිහිපයක් මෙයට සහභාගි වූ අතර, මෙහි අරමුණ වූයේ ලිංගික අයිතිවාසිකම් ජාලයේ ප්රගතිය සාකච්ඡා කිරීමයි.
WSGහි ආරාධනාව මත මෙම රැස්වීමේ දී ගෘහස්ථ ප්රචණ්ඩත්වයට ලක් වූ කාන්තාවන්ට සේවා සපයන ආයතනයක් වන විමෙන් ඉන් නීඩ් (WIN) හි උපදේශකවරියක් ඔවුන් සපයන සේවාවන් ගැන තොරතුරු ඉදිරිපත් කිරීමක් ද මෙහි දී සිදු කළා.
ඉන් පසුව පැවති කෙටි සාකච්ඡාවේදී, කාන්තාවන්ගේ ලිංගිකත්වය ගැන දක්වන නිහඬතාවය නිසා බොහෝ කාන්තාවන් සහ ගැහැණු ළමයින් විසින් ප්රචණ්ඩත්වයට මුහුණ පෑ අවස්ථා වාර්තා කිරීමට බය වීම ගැන මෙහිදී සාකච්ඡාවට ලක් වුනා.
ප්රදේශයේ අලුතින් ආරම්භ වූ තවත් ඉතා කුඩා ප්රජා පාදක සංවිධානයක් විසින් සංවිධානය කළ සාකච්ඡාවකට අනතුරුව WSG සාමාජිකාවන් ද සහභාගි වුන අතර, එම රැස්වීමේ දී ප්රදේශයේ පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන් එක් රැස් වී සිටියා. ඔවුන් රැස්වීමට පැමිණි අයට බෙලිමල්, වදමල් බීම සහ පැණිරස කෑම පිළිගැන් වූ බවත් සංවේදීනි සගරාවේ සඳහන් වෙනවා.